අද 2017දෙසැම්බර් මාසයේ 28 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව.01.40 සිට 03.08
සුභ දිශාව: නැගෙනහිර

අවංකභාවය, යුක්ති සහගත ස්වභාවය, නීතියට රීතියට අනුකුල වීම සහ ගරු කිරීම අද ඔබට ඉතා උසස් මට්ටමකට පත් වෙනවා. සොරකම පිටු දැකීම, එඩිතරභාවය ඇතිකර ගැනීමේ භාග්‍ය හිමි වෙනවා. විවාහ ප්‍රමාද මග හැරෙනවා. ප්‍රේමවන්තයන් අඹුසැමියන් අතර යම් මතභේද තිබුණානම් ඒවා මග හරවා ගන්න පුළුවන්.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 01

ඉවසීම දෙගුණයකින් වැඩි කරගත යුතු දවසක්. උප්පත්තියෙන් ඔබ පෙනුම බුද්ධිමත්භාවය තියෙන අය. ඔබට යම් කෙනෙක් අපහාසයක් උපහාසයක් කරොත් ඒවා සිනාමුසු මුහුණින් ඉවසන්න. ඔබට අන් අයට වඩා නුවණ තියෙනවා.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03

චින්තන ශක්තියට, නිර්මාණකරණයට, මුද්‍රිතකරණයට, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලට සජිවිකරණයට දක්ෂ අය. හදිසි ධන ලාභ ලැබෙනවා. පිනට යොමු වෙන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02

වැඩිපුර සොයා බැලීම, ගැඹුරු කල්පනා, ඉවසීම ඉතා ඉහල මට්ටමකට යාම, අනවශ්‍ය ප්‍රවේසම, සැක සංකා තුල ඉවත් වීම සුදුසුයි. අතිරේක ආදායමක් ගැන සිතා බලන්න සුදුසු දිනයක්. පොතපත පරිශීලනයට සුදුසු දිනයක්. හදිසි ධන ලාභ ලැබීම හිමි වෙනවා. උත්සාහය ධෛර්ය සහිත දිනයක්.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 01

අන් අය තේරුම් ගැනීමට පරිපාලනයට ඉතා හොදට හැකි දිනයක්. ස්වාධීන තීරණ ගන්න දක්ෂයි. විදේශගත වෙන්න වාසනාව උදා වෙනවා. විදේශගත සබදතා දියුණු වෙනවා. ඔබ අද ජනප්‍රියත්වයට පත් වෙනවා.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09

ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. ඉවසීම ඉතා ඉහලයි. රිය ධාවනයේදී කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08

ඔබ වෙළඳාමට ඉතා දක්ෂ වෙනවා. සියලු ප්‍රශ්න වලදී සමබර ලෙස කටයුතු කරන්න දක්ෂ අය. තරමක මංගල යෝග උදා වෙනවා. හිතේ පවතින අදහස් නිසා ජය ලැබෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

සෞඛ්‍ය තත්වය පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුයි. යථාර්තය වහා තේරුම් ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඔබගේ හැකියාව පළපුරුද්ද අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 06

අතපසු වුණු වැඩ සියල්ල ඉටු කරගන්න පුළුවන්. කාර්යාලයේ කටයුතු ඉතා හොදින් ඉටු කර ගැනීමට පුළුවන්. ජිවිතයේ කටයුතු මනා ලෙස කළමනාකරණය කරනවා. ඔබගේ අසල්වාසීන් මිත්‍රයන් ඔබට උදව් කරනවා.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 05

නිවසට අත්‍යවශ්‍ය දේ ගන්න යන්න සුභයි. ඥාතීන් සමග ගැවසෙන්න කදිම දිනයක්. වාස්තු දෝෂ පිළිසකර කර ගන්න සුදුසු දිනයක්. උරුමහිමිකම් ලැබීමේ භාග්‍ය හිමි වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04

ඔබගේ කුසලතා ඉස්මතු වන දිනයක්. ඉදිරියටම යන්න හැකිවන දිනයක්. මොළයෙන් කරන කටයුතු වලට දක්ෂයි. විදේශගත භාෂා හදාරන්න සුභයි. ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුභයි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 03

වාණිජ ප්‍රචාරක වැඩ කටයුතු වලට නීතිඥ වෘත්තියට ගුරු වෘත්තියට සුභයි. කටහඬ යොදවා වැඩ කරන අයට සුභයි. සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙනවා.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :ලක්ෂ්මන් යූ ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829