News Line| Off Air
Generic placeholder image

Dec
28

ගාලෙන් පැන්න චණ්ඩි “නියපොත්තා”, ඉතිපිසෝ ගාථාවට දණ ගහලා.

1452 Views


ගාලෙන් පැන්න චණ්ඩි “නියපොත්තා”, ඉතිපිසෝ ගාථාවට දණ ගහලා.

අලි මිනිස් ගැටුම දැන් තවත් දරුණු වෙලා. දළ ගන්න මිනිස්සු අැත්තු මරද්දී අලි ගම්වැදිලා මිනිස්සු මරණවා. එ්කත් හරියට යුද්ධයක් වගේ.

“නියපොත්තා” කියන්නේ ලංකාවේ ඉන්න දරුණුම වල් අලියා කිව්වොත් වරදක් නෑ. ගම් වලට පැනලා දණ්ඩිකම් කරලා අහුවෙලා කිහිප සැරයක්ම අල්ලගෙන ගිහින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට දැම්මා. හැබැයි තුන්පාරක්ම ගාල කඩාගෙන නියපොත්තා පැන්නා. පහුගිය දවසකත් අායෙත් ගාලෙන් පැන්න නියපොත්තා දැන් අායෙත් චණ්ඩිකම් පටන් අරන්.

හොරොව්පතාන පැතතේ කැරකෙන නියපොත්තා හේන්වල ඉන්න ගොවින්ට පහර දෙන්න පටන් අරන්. නියපොත්තාගේ අලුත්ම වැඩේ තමයි විශාල ගස් උඩ පැල් අටවන් හේන් රකින ගොවීන්ට පහර දෙන එක. පැල කඩාගෙන වැටෙනකන් ගහට පහරදෙන නියපොත්තා ගොවියා බිමට වැටුනම පහර දෙනවා. හරියට ගහෙන් වැටුන මිනිහට අලියා ගැහුවා වගේ.

පෙරේදාත් සුපුරුදු පරිදි නියපොත්තා බඩ ඉරිඟු හේනකට පැනලා තිබ්බා. එ් හේන අයිති වනිගරත්න ගොවි මහතා කුඹුක් ගහක් උඩ හදපු පැලේ පැල් රකිමින් ඉඳලා තියෙනවා. කුඹුක් ගහට කිට්ටු කරපු නියපොත්තා වනිගරත්න මහතා හිටිය පැල කඩාගෙන වැටෙකන් ගහට පහර දීලා තියෙනවා. නියපොත්තාගේ මේ චණ්ඩි වැඩෙන් බිය වුන ගොවි මහතා මරණ බයෙන් ඉතිපිසෝ ගාථාව කියලා තියෙනවා. ගහ උඩ කවුරුහරි ඉන්නවා දැක්ක නියපොත්තා වේගයෙන් ගහට පහර දෙන්න එද්දී වනිගරත්න ගොවි මහතා ශබ්ද නඟා ඉතිපිසෝ ගාථාව කියලා තියෙනවා. බඩ ඉරිඟු යාය පොඩි කරගෙන නාලාගිරි අැතා වගේ අාපු අාලියා ඉතිපිසෝ ගාථාව අැසුනා විතරයි එකතැන නතර වෙලා. නතරවුන තැනම දණ ගහගෙන ටික වෙලාවක් ඉඳලා තියෙනවා. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ගොවි මහතා ගහෙන් බැහැලා ගමට දුවලා.

බෞද්ධ ඉතිහාසයේ සදහන් වුනාට මේ වගේ සිදුවීම් මීට කලින් අපිට අහන්න දකින්න ලැබිලා නෑ. කොච්චර දරුණු වුනත් සතා සිව්පාවාත් මෛත්‍රියෙන් දමනය කරන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post