අද උදේ පාන්දරම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරා. එ් නිසා ලංකාවම දැන් ටිකක් උණුසුම් වෙලා තියෙන්නේ. A/L ලියපු නොලියපු හැමෝම කවුද Pass, කවුද Fail කියලා හොයනවා.
එ් අතරේ හැමෝම හොයන දෙයක් තමයි කවුද ලංකාවේ 1 වෙලා තියෙන්නේ කියලා. විභාග දෙපාරතුමේන්තුව මේ වෙද්දි ලංකාවෙන්ම 1,2,3 කවුද කියලත් ප්‍රකාශ කරලා තියෙන්නේ. එ් අතරින් වාණිජ විෂයෙන් ලංකාවෙන්ම 3 වුන අපූරු ශිෂ්‍යාවක් ඉන්නවා.
අැය ෆාතිමා අකීලා ඉස්වර්. වාණිජ විෂයෙන් ලංකාවෙන්ම 3 වෙනියා අැය. මුස්ලිම් ශිෂ්‍යාවක් වුන අැය පාසල් ගිහින් තියෙන්නේ කාතෝලික පාසලක් වුණ කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. දෙමළ හුරුවක නමක් තියෙන අකීලා සිංහල මාධ්‍යයෙන් තමයි උසස් පෙළට මුහුණ දීලා තියෙන්නේ.
අපිට කිසිම ජාති අාගම් බේදයක් නෑ. අපි මේ පුවත කිව්වේ අැයගේ තියෙන ජාති බේදයකින් තොර දක්ෂතාව නිසා. රටේ ඉහළම තැනකට එන්න අැය හැකියාව ලැබෙන්න කියලා අපි අකීලාට සුභ පතනවා.