News Line| Off Air
Generic placeholder image

Dec
28

උසස්පෙළින් ලංකාවෙන්ම පළවෙනියා වුන හාමුදුරුවෝ.

862 Views


උසස්පෙළින් ලංකාවෙන්ම පළවෙනියා වුන හාමුදුරුවෝ.

හැමෝම පුන පුනා බලා හිටිය උසස් පෙළ ප්‍රතිඵල අද උදේ පාන්දරම අන්තර්ජාලයට නිකුත් කරා. උසස් පෙල සමත් වුණ අයගෙනම් දැන් හිසේ මලක් පිපුණා වගේ. හැබැයි ඉතිං ෆේල් වුන අයගෙනම් මූණත් එක්කම මැලවිලා ගිහින්. කොහොම වුනත් උසස් පෙළ කියන්නේ ජීවිතේ නෙවෙයි. එ් නිසා ෆේල් වුන අය අනවශ්‍ය විදියට දුක් වෙන්න ඕන නෑ.

ප්‍රතිඵලත් එක්ක ලංකාවේම පළවෙනියා වුනේ කවුද කියලත් කිව්වා. කාලයකට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් උසස් පෙළ පළවෙනියො අතරට අැවිත් තියෙනවා. රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ඉගෙන ගත්ත පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි තමයි කලා විශයෙන් ලංකාවෙන්ම පළවෙනියා වුනේ.

අනාගතයේදී ලංකාවේ දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා සියත 24 අපි මුනින්දංශ ස්වාමීන් වහන්සේට සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post