මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවන් 3 දෙනෙක් හිටියා. අවුරුද්ද පටන් ගනිද්දිම ප්‍රධාන පුහුණුකරු විදියට හිටිය ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වුණා. හිදිසියේම හොඳ පුහුණුකරුවෙක් හොයා ගන්න නැති නිසා ලංකාවේ පන්දුරැකීමේ පුහුණුකරු විදියට හිටිය නික් පෝතාස් තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු කරා.
හැබැයි එ් වෙද්දිත් පෝතාස් ෆේල් වුන චරිතයක්. ඉතාම පහසු උඩපන්දු අතහැරපු නිසා ලංකාවට තරඟ කිහිපයක්ම පැරදෙන්න වුණා. හරියට පන්දු රකින්න බැරිවුණ නිසා ලංකාව අතේ තිබ්බ මැච් අනිත් පිලට පූජා කරපු වාර අනනත්යි. එහෙම තියෙද්දිත් ලකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට පෝතාස්ව පත් කරා. පෝතාස්ගේ පුහුණුකරු තනතුර යටතේ ලංකාව තවත් පහලට වැටුණා මිසක් එක අඩියක්වත් උඩට එන්න නම් බැරිවුණා. ඒ කාලයේදී ලංකාව මුහුණ දුන්න තරඟ 34 න් 06 ක් විතරයි දිනන්න පුළුවන් වුනේ. හැබැයි පෝතාස් නම් පැරදුන හැම තරඟයක්ම ක්‍රීඩකයිනගේ පිට පටවලා ජාමේ බේර ගන්න හැදුවා.
ඉකිහාසයේ පළවෙනි වතාවට පුහුණුකරුවෙක් ප්‍රසිද්ධියේම තමන්ගේ ක්‍රීඩකයන් විවේචනය කරා නම් එ් නික් පෝතාස්. බල්ලාගේ වැඩේ බූරුවාට බාර දුන්නම ඊට වඩා දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. පාකිස්කානයේ තිබ්බ විස්සයි විස්ස තරඟාවලියටත් යන්න බෑ කියලා පෝතාස් කිව්වා. අන්තිමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරු නැතුව තමයි තරඟාවලියට යන්න වුනේ. පෝතාස්ගේ මේ නොහොබිනා වැඩ ක්‍රිකට් අායතනයත් දැක්කේ නෑ වගේ හිටිය එක නම් පුදුමයි.
හතුරුසිංහ අාව නිසා දැන් පෝතාස්ට තැන අහිමි වෙලා තියෙනවා. එ්ත් පෝතාස්ව අායෙත් ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු කරලා තියෙනවා. ලෝකයේ හොඳම පුහුණුකරු ඉන්නා තැනට ලෝකයේ දුර්වලම පුහුණුකරු දාලා මොනවා කරන්න හදනවාද දන්නේ නෑ. හැබැයි ඉතිං හතුරුසිංහගේ වේගවත් ගමනට එ් නිසා කකුල් මාට්ටුවක් වැටෙන්න නම් පුළුවන්.