මේ වෙද්දී මුලු ලංකාවම කතා වෙන්නේ ගයාන් සේනානායක ගැන. ඊයේ පෙරේදා වෙනකංම අවලංගු කාසියක් වුණු ගයාන් අද ලංකාවේ වටිනාම පුද්ගලයා වෙලා.
ලෝකේ මේ වෙද්දී වැඩිම වටිනාකමක් තියෙන ක්‍රීඩකයා වුණු විරාත් කෝලිගේ වෙඩිමට ලංකාවෙන් සහභාගී වුන එකම කෙනා ගයාන්. මතිව්ස්ලා මාලිලා ඉද්දි කෝලී ගයාන්ටම ඇයි ආරාධනා කරේ කියලත් ගොඩක් අයට ප්‍රශ්ණයක්.
“ඒ කෝලිගේ මහත්මා ගතිය” සමහරු එහෙම කිවුවත් තවත් අය කියන්නේ “කෝලී උඩ පැනලා ලංකාවට කනේ පාරක් ගැහුවා” කියලයි. කොහොම වුනත් මෙතන ඇත්තටම මොකද වුණේ කියලා දන්නේ ගයානුයි කෝලී විතරයි. ඉතිං විරාත් කෝලිගේ වෙඩිමට ගිය ගයාන් ලංකාවට ආව ගමන් අපි ගියා ඔහුව මුණ ගැහෙන්න.
සියතට ගයාන් සේනානායක කිවුව කතාව අද හවස 6ට සියත FM සවස පුවත් සහ සියත TV සවස 6 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වෙන්න.