News Line| Off Air
Generic placeholder image

Dec
29

අද ලග්න තුනකට සිත් පීඩා ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

646 Views


අද ලග්න තුනකට සිත් පීඩා ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 29 වන සිකුරාදා

රාහු කාලය: පෙ.ව.10.44 සිට 12.12

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

 

 

මේෂ ලග්නය

කායික ශක්තිය වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා. අන්යගේ උපකාර හිමි වෙනවා. වැඩිහිටි ඥාතීන් සමග පවතින සම්බන්ධතා දියුණු වෙනවා. නව ධන මාර්ග ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරනවා. කම්මැලි සහගත සිතුවිලි මග හරවා ගන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 09

වෘෂභ ලග්නය

කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. සිතුවිලි වල යම් ව්‍යකුලතා පෙන්නුම් කරනවා. තීන්දු තීරණ ගැනීමේදී ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ උපදෙස් පිළිපදින්න. දුරබැහැර ගමන් වලින් ජලාශ්‍රිත පරිසර වලදී, උස් තෙත් සහිත ස්ථාන වලදී ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් උපකාර හිමි වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

මිථුන ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. යුග ජිවිතයේ බාධා මග හැරෙනවා. සතුරන්ගෙන් පුංචි පුංචි පීඩා ඇතිවිය හැකියි. කල්පනාකාරීව ඉවසීමෙන් තීන්දු තීරණ ගන්න. වෙළඳාම් කටයුතු වලින් දියුණුවක් ඇති වෙනවා. සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                       ජය අංකය: 09

 

කටක ලග්නය

සියුම් සතුරු කරදර බාධා, මානසික අසහනකාරී තත්ව ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු වලට යහපත්. වෙළදාම් භාෂා සම්බන්ධ කටයුතු වලින් යහපත් වෙනවා. යානවාහන තාක්ෂණය සම්බන්ධ කටයුතු වලිනුත් දියුණුවක් අපේක්ෂා කල හැකියි. දැනුම වර්ධනය කරගන්න පුළුවන්. දුදරුවන්ගේ කටයුතු වෙනුවෙන් මැදිහත් වීමට සිදු වෙනවා. යුග ජීවිතය සමබන්ධ කටයුතු වලදී කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                                   ජය අංකය: 05

සිංහ ලග්නය

තරඟකාරී කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකියි. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. උගත් දෙයින් යමක් දිනා ගත හැකි වෙනවා. උගත්කමේ ප්‍රමාණයට ආර්ථිකය වර්ධනය කරගත හැකි වෙනවා. පාද ආශ්‍රිත රෝගී තත්ව වලින් බාධා ඇතිවිය හැකියි. මව්පස ඥාතීන් සමග බොහෝ සබඳතා වර්ධනය වෙන දවසක්. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                       ජය අංකය: 06

කන්‍යා ලග්නය

ගෙදරදොර කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. චිත්ත පීඩා ඇතිවිය හැකියි. යානවාහන මිලදී ගන්න තමන් වාසය කරන ස්ථානය අලුත්වැඩියා කරගන්න නිතර නිදාගන්න ස්ථානය වෙනස් කරන්න අද දවස යහපත්. මිතුරන්ගෙන් පවා උපකාර ලැබෙනවා. වියදම් පාර්ශවය ඉහල යනවා. තරඟකාරී කටයුතු වලට සහ අධ්‍යාපනයට සුභ දිනයක්.

ජය වර්ණය: රන්වන් පැහැය                                ජය අංකය: 06

 

තුලා ලග්නය

බොහෝ සතුටින් යුක්තව කාලය ගත කිරීමේ හැකියාව පවතිනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් වලින් බොහෝ වාසි හිමි වෙනවා. පෞරුෂය වර්ධනය වෙනවා. ඔබේ වචන අන් අය පිළිගන්නවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. නිතර ගමන් බිමන් යන්න සිතෙනවා. අලුත් අලුත් ආදායම් මාර්ග වර්ධනය වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                               ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. බාධා මග හරවා ගත හැකි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. රාජ්‍ය පරිපාලන ආදී කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති වේවි. රැකියා ස්ථාන වලදී වගකීම් වැඩි වේවි. අවලාද අපහාස, උපහාස වගේ දේවලුත් රැකියා පැහැර හැරීම් වැනි චෝදනා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                              ජය අංකය: 07

 

 

ධනු ලග්නය

එක් වැඩක් අවසන් වෙන්නට කලින් තවත් වැඩක් ඔබේ වගකීමක් විදියට පැවරෙනවා. අධික කාර්යබහුලතාවයක් වගේම තෙහෙට්ටු සහගත ස්වභාවයක් ඇති වෙනවා. නිසි පරිදි ආහාර ගැනීමට නොහැකි වෙනවා. දු දරුවන්ගෙන් පවා කරදර චිත්ත පීඩා ඇති වෙනවා. යුග ජීවිතය පිලිබදවත්, වෘත්තීය පිළිබඳවත් බොහෝ කලකිරීම් සහිත දිනයක්. කරගෙන යන්නා වූ කටයුතු වල වෙනසක් ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 02

 

 

මකර ලග්නය

ගන්න තීන්දු තීරණ වරදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. පාද ආශ්‍රිත රෝග තත්ව, තමන්ගේ හිතවතුන් පිළිබඳව ගැටළුකාරී ස්වභාව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. වෘත්තිමය කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. ඉහළ නිලධාරීන්ගේ උපදෙස්, අනුශාසනා නිවැරදිව පිළිපදින්න. ප්‍රේමනීය සබඳතා වලට බාධා කම්කටොලු ඇති වෙනවා. විවාහ ජීවිතය තුල බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

කායික ශක්තිය, මානසික ශක්තිය වර්ධනය වෙනවා. මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන ආදී සේවා වලටත් ඉතාමත්ම යහපත්. ගුප්ත අසනීප ඇති වෙන්න පුළුවන්. සිත ලෙඩවන දිනයක්. වැඩිහිටියන් සමඟ සම්බන්ධතාවය ශක්තිමත් වෙනවා. තමන්ගේ සිතුවිලි ජයග්‍රහණ බවට පත් වෙනවා. කම්මැලිකමෙන් තොරව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

 

 

මීන ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු, ගල් වැලි සිමෙන්ති ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු, කලාකාමී කටයුතු, තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් වෙනවා. තමන්ගේ හැකියාව පිළිබඳව අවතක්සේරුවකට ලක්වීම, මානසිකව කඩා වැටීම ඔබ තුල පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න සිත දෙනවා. වියදම ඉහල යනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post