News Line| Off Air
Generic placeholder image

Dec
29

2018 ඡන්දෙට බල්ලොත් එයි.

2164 Views


2018 ඡන්දෙට බල්ලොත් එයි.

ගමේ ඡන්දෙන් සීතල දෙසැම්බරය උණුසුම් වෙලා තියෙන්නේ. මේ වෙද්දි ඡන්දෙ තියෙන දවසත් ප්‍රකාශ කරලා තියෙන්නේ. එ් නිසා අපේක්ෂකයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න ලහි ලහියේම වැඩ.

ඔය අස්සේ මොනවා හරි ගේමක් ගහලා ඡන්දෙ දිනන්න හදන අයත් ඉන්නවනේ. අන්න එ් අයව අල්ලන්න සුනඛ බලකායකුත් මේ පාර ඡන්දෙට අැවිත් ඉන්නවා. පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් 160 ක් විතර මැතිවරණ රාජකාරිවලට එක්කරගෙන තියෙනවලු. රාත්‍රී කාලයේ මුරසංචාර වලට සහ හදිසි මාර්ග බාධකවලට පොලිස් නිල සුනඛයින් යොදවනවා කියලා පොලිස් නිල සුනඛ අංශය භාර පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා කිව්වා.

මේ දවස්වල නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ගහන්න මත්ද්‍රව්‍ය වලට අැබ්බැහි වුන අය යොදා ගන්නවා. ඔවුන් අපේක්ෂකයන්ගේ වාහන වලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවද කියලා පරීක්ෂා කරන්න පොලිස් සුනඛයෝ යොදා ගන්නවා. මේ විශේෂ පොලිස් නිල සුනඛ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය, ගිණිඅවි පරීක්ෂා කරන්න විශේෂ පුහුණුවක් ලබපු අය.

ඡන්දෙ ඉවර වෙලත් සති දෙකක් යනකන් පොලිස් නිල සුනඛයින් රාජකාරියේ යොදවනවාලු. මේ පාර නම් අපේක්ෂකයින්ට නීති විරෝධි වැඩ කරන්න බැරි වෙයි. මොකද මිනිස්සුන්ට වගේ බල්ලොන්ට පගාව දීලා බේරෙන්න බැරි නිසා.


News Articles
Latest Videos
Most Popular Post