News Line| Off Air
Generic placeholder image

Dec
29

“විනය කැඩුවොත් ගෙදර යවනවා. සංගා, මහේලගෙන් උදව් ගන්නවා.” වැඩ අල්ලමින් හතුරුසිංහ කියයි.

1159 Views


“විනය කැඩුවොත් ගෙදර යවනවා. සංගා, මහේලගෙන් උදව් ගන්නවා.” වැඩ අල්ලමින් හතුරුසිංහ කියයි.

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළවෙනි සංචාරය තියෙන්නේ බංගලාදේශයේ. බංගලාදේශය, සිම්බාබ්වේ සහ ලංකාව අතර තුන්කොන් තරඟාවලියක් සහ බංගලාදේශය එක්ක එක්දින සහ ටෙස්ට් තරඟාවලියකටත් ලංකාව සහභාගී වෙනවා. හතුරුසිංහ වැඩ පටන් ගන්නෙත් මේ තරඟාවලියෙන්. තමන් අතහැරලා අාපු බංගලාදේශ කණ්ඩායමට Second වෙන්න බැරි නිසා පුහුණු සැසියක් මේ දවස්වල පවත්වනවා. එ් හොදම කණ්ඩායමක් බංගලාදේශයට යවන්න.

මේ පුහුණු සැසියට ක්‍රීඩකයෝ 23 ක් තෝරාගෙන තිබ්බා. එ අතරින් හොඳම 15 තමයි බංගලාදේශ සංචාරයට යවන්නේ. අාබාධයකට ලක්වුන මැතිව්ස් හැරෙන්න අනිත් සියලුම ක්‍රීඩකයෝ ඊයේ සැසියට සහභාගී වෙලා හිටියා. එ් වගේම මේ පුහුණු සංචතයට නම් නොකරපු මාලිංගත් ඊයේ අැවිත් හිටියා. මාලිංගගේ සහභාගී වීම හතුරුසිංහ අගය කරා.

එක් දින සංචිතයට අැතුලත් කරපු ක්‍රීඩකයින් දේශීය තුන්දින තරඟාවලියෙන් ඉවත් කරපු හේතුවත් හතුරුසිංහ කිව්වා. එක්දින තරඟවලදී භාවිතා කරන සුදු පන්දුවලට හුරු කරන්න එ් විදියට ඉවත් කරා කියලයි ඔහු කිව්වේ. ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයින්ගේ සහයත් ගන්නවා කියලා හතුරුසිංහ කිව්වා. “අපි හිටපු ක්‍රීඩකයන්ගේ සහාය කණුඩායම ලබා ගන්න ඕනෙ. නැත්තම් මං මෙතනට අාව එකේ උපරිම වාසිය ගන්න බැරි වෙනවා. සංගක්කාර, මහේල වගේම මුරලි එක්කත් කතා කරලා එගොල්ලොන්ට පුළුවන් විදියට එ් අයගේ උදව් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.” කියලයි හතුරුසිංහ කිව්වේ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පහුගිය කාලයේ එල්ල වුන ලොකූ චෝදනාවක් තමයි විනය හරි නෑ කියාලා. හතුරුසිංහ එ් ගැන කිව්වේ මෙහෙම “ඉදිරියට නම් එහෙම වෙන්නේ නෑ. සිංදු අහනවා නම් ගෙදර යන්න වෙනවා. පහුගිය දේවල් මට වැඩක් නෑ. එ්වා අහලා මම කටයුතු කරනනේ නෑ. මම අැවිල්ලා බලනවා කවුද හරියට කරන්නේ කියලා.”


News Articles
Latest Videos
Most Popular Post