News Line| Off Air
Generic placeholder image

Dec
29

“මගේ කඩුවෙන් කවුරු කැපෙයිදැයි කියන්න බෑ” – ජනපති කියයි.

507 Views


“මගේ කඩුවෙන් කවුරු කැපෙයිදැයි කියන්න බෑ” – ජනපති කියයි.

මේ දවස්වල හැමෝගෙම උනන්දුව තියෙන්නේ ඡන්දේ ගැන. තම තමන්ගේ පක්ෂවල ජයග්‍රහණය වෙනුවෙන් කට්ටියම ලහි ලහියේ වැඩ කරන තත්වයක් දැන් අපට පේනවා. ඉතින් ඒ අතරේ ඊයේ උදේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ තිබුනා. මේක තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32 ක නායකයන් එක්ක ක්‍රියාකාරීන් තමයි මේකට සහභාගී වුනේ. මේ අවස්ථාවට නිදහස් පක්ෂයේ නායකවරයා වුන් ගරු ජනාධිපතිතුමාත් සහභාගී වුනා. මේ වෙලාවේදී ජනාධිපතිතුමා කියපු කතාව තමයි මේ.

“ කිලිටි නැති පරම පවිත්‍රඅවංක දේශපාලන නායකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේදී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවිදැයි දන්නේ නෑ.”


News Articles
Latest Videos
Most Popular Post