News Line| Off Air
Generic placeholder image

Dec
30

අද ලග්න 5ක් ආගමානුකුලව ගත කිරීම යහපත්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

822 Views


අද ලග්න 5ක් ආගමානුකුලව ගත කිරීම යහපත්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 30 සෙනසුරාදා

රාහු කාලය: පෙ.ව 09.17 සිට 10.45

සුභ දිශාව: දකුණ

මරු සිටින දිශාව: නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

කතාවේදී ප්‍රවේසම් විය යුතු දවසක්. ඔබගේ සිත තුල අන් අය ගැන අනුකම්පාවක් ඇති වීම තුල අන් අය පාලනය කර ගැනීමට අන් අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකි වෙනවා. ගෙදරදොර සතුට සමාදානය ඇතිකර ගැනීමටත් දූදරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමටත්  තෑගි බෝග ලබා දීමට ධනය වැය කිරීමට සිදු වේවි. අඹුසැමියන් අතරද සතුට සමාදානය ඇතිවන දවසක්. බලාපොරොත්තු ඉටුවන දිනයක්. ආරක්ෂා වන්න.

ජය වර්ණය: රෝස පැහැය                                ජය අංකය: 09

වෘෂභ ලග්නය

සමාජයේ කැපී පෙනෙන තත්වයක් වගේම ඔබ කරන කියන සෑම කටයුත්තකින්ම සාර්ථක ප්‍රථිපල අත් වෙනවා. අතපසු වුණු කටයුතු කර ගැනීමට අන් අයගේ සහයද හිමි වෙනවා. අලුත් මිතුරන් ලැබීමට ආර්ථිකය වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. අසල්වාසීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වෙනවා. අඹු සැමියන් අතර හොඳ හිත පවත්වා ගත හැකියි.

ජය වර්ණය: නිල් පැහැය                                     ජය අංකය: 03

මිථුන ලග්නය

නොතෙරුම්කමින් කරන කටයුත්තක් නිසා සිත් තැවුලක් අවනම්බුවක් ඇති නොවීමට වගබලා ගන්න. ඥාතීන් ඇසුරේදී ගණුදෙනු වලදී අලාභ හානි ධන හානි මතුකළ හැකි බැවින් ඒ පිලිබදව පරිස්සම් වන්න. වැටීම් තැලීම් ආදියෙන් ආරක්ෂා විය යුතුයි. ඔබගේ සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. මිල මුදල් ආර්ථික වාසි හිමි වෙනවා. ගමන් බිමන් වලදී සමාජ ඇසුරේදී ආරක්ෂා වන්න.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 05

 

කටක ලග්නය

ආදායම් තත්වය යහපත් කර දෙමින් අතමිට සරු වුවත් ගේදොර අලංකාරයට ප්‍රිය සම්භාෂණ වලට ආගන්තුක සත්කාරයට මුදල් වැඩිපුර වැය කිරීමට සිදු වෙනවා. කාර්යබහුල වෙනවා. නොසිතු අන්දමින් හැමෝගෙම උපකාර ලැබෙනවා. කරදර බාධා වලින් නිදහස් වෙන දවසක්. අනාගතය ගැන සිතන්න සුභ දිනයක්. අසල්වැසියන් සමග දෙමව්පියන් සමග සුහදව කටයුතු කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                                    ජය අංකය: 02

සිංහ ලග්නය

අද දිනය තුල බොහෝ බලාපොරොත්තු ඉටුකර දෙමින් වෙළද ව්‍යාපාර තුල ඒ කටයුතු සාර්ථක කර ගැනීමට මිල මුදල් ලාභ ලැබීමට හේතු වෙනවා. අද දවස සතුටින් ගත කිරීමට හැකියාව ලැබෙනවා. ගෙදරදොර අය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. බාධක යටපත් වෙනවා. සතුරු බලවේග ජය ගැනීමට හැකි වෙනවා. ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                               ජය අංකය: 03

කන්‍යා ලග්නය

මෙතෙක් පැවති බාධා කරදර යටපත් වී අලුත් වෙනසක් ඇතිකර දෙන දවසක්. ප්‍රිය සම්භාෂණ විනෝද ගමන් පිලිබදව අදහස් පහල වෙනවා. ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. තැනට සුදුසු ලෙස වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න. දෙමව්පියන්ට කළගුණ සලකන්න.

ජය වර්ණය: ලා රෝස පැහැය                     ජය අංකය: 05

 

තුලා ලග්නය

තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට වගබලා ගන්න. මානසික වශයෙන් කායික වශයෙන් පිඩාවට පත් නොවීමට වගබලා ගන්න. ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න. කරදර විපත් සිත් තැවුල් මතුවිය හැකියි. අඹු දරුවන් වැඩිහිටියන් සමග උපදෙස් බෙදා හදා ගෙන කටයුතු කරන්න. පාප මිත්‍ර ඇසුරෙන් ඉවත් වෙන්න.

ජය වර්ණය: නිල් පැහැය                                  ජය අංකය: 06

 

 

වෘශ්චික ලග්නය

 

මිල මුදල් අතින් අඩුපාඩු පිරිමසා ගැනීමට හැකිවන අතර ගෙදරදොර වෙනදට වඩා සැප පහසු අන්දමින් ගත කිරීමට ලැබෙන දවසක්. විනෝද වීමට සමාජ ඇසුරට සිත ආදී යනවා. දුරදිග බලා තැනට සුදුසු ලෙස කටයුතු කරන්න. ධන හානි නොවීමට වගබලා ගන්න. අරපිරිමැස්ම ලද දෙයින් සතුටු වීම, මෛත්‍රිය, කරුණාව අද දවස සුන්දර දවසක් බවට පත්කර දේවි.

ජය වර්ණය: රෝස පැහැය                                 ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ඔබ බලාපොරොත්තු වුණා මිල මුදල් අතට ලැබෙනවා. ඔබගෙන් වියයුතු යුතුකම් පවුලට ඉටු කරන්න වාසනාව ලැබෙනවා. සේවා ස්ථානයේද සමාජයේද ගරු සැලකිලි ලබන්න පුළුවන්. වැඩිහිටියන් හමුවීමට තෑගි බෝග ලැබීමට කදිම දවසක්. සතුරු කරදර වලින් ජය ලැබීමට හැකියාව ලැබෙනවා. ගමන් බිමන් වලදී කතා බහේදී හොදින් ආරක්ෂා වෙන්න. දුර දක්නා නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                                ජය අංකය: 06

 

 

මකර ලග්නය

සිත් අවුල් සහගත වීමට සතුට ප්‍රීතිය යටපත් වීමට හේතු නොවන ආකාරයට අඹු සැමියන් කරුණු කාරනා තේරුම් ගෙන එක්වී වාසය කල යුතු දවසක්. අරපිරිමැස්ම ඉතා වැදගත්. ණයට ගත් මුදලක් ආපසු ගෙවීමට සිදු වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. අස්ථාන චෝදනා වලින් ආරක්ෂා වන්න. සියලු බාධක අබිභවා කටයුතු කිරීමට හැකි වෙනවා. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                                 ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

තැගි බෝග ලැබෙනවා. සෙම් අමාරු, ජලයෙන් පීඩා, නින්දට බාධා ඇති නොවීමට වගබලා ගන්න. කේන්ති සහගත සිතුවිලි පාලනය කර ගන්න. තනතුරු තානාන්තර, උසස් වීමට, ගරු සැලකිලි ලැබීමට, තමන්ගේ වටිනාකමක් ලැබීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගෙන දවසක්. ඔබ ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                                 ජය අංකය: 08

 

 

මීන ලග්නය

ඔබට යටපත් වූ වාසනාව මතු කරන දිනයක්. ඔබගේ ගුණ වැනුමක් ඇති වෙනවා. සිතේ ප්‍රීතිය ඇතිවන දිනයක්. වියදම් පාර්ශවය පිලිබදව සැලකිලිමත් වන්න. ආදායම් මාර්ග අඩු වෙනවා. සේවකයන් ගේ ඇප උපකාර හිමි වෙනවා. හදිසි අනතුරු ආදියෙන් ආරක්ෂා විය යුතුයි. ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                            ජය අංකය: 03

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post