ලංකාවේ ගොඩක් ගෙවල්වල, කඩවල් වල උදේ හවස දුම් අල්ලනවා ඔබ දැකලා ඇති. ගොඩක් අය මේ වැඩේට පාවිච්චි කරන්නේ සාම්බ්‍රානි කැට වලින් හදාගත්ත කුඩු වර්ගයක්. තවත් සමහරෙක් කඩෙන් ගන්න තියෙන එක එක ජාතියේ සුවඳ කුඩු පැකට් අරන් දුම් අල්ලනවා. හැබැයි මේ වර්ග දෙකෙන්ම ඔබට එන්නේ සුවඳක් විතරයි. උදේ හවස දුම් අල්ලද්දී ඔබේ හිතේ තියෙන ප්‍රර්ථනා වලට ජීවයක් දෙන්න මේ සුවඳට පුලුවන්ද කියන කාරණයේ ගැන ප්‍රශ්නයක් ඔබට එන්නේ මෙතනදී. ඉතින් ඔබේ ප්‍රර්ථනා ඉටුවෙලා, ඔබට ජය අරන් එන සුවඳ ධූපයගෙදරදීම හදාගන්න ක්‍රමයක් අපි ඔබට කියනවා. මේ තියෙන්නේ ඒ මහා බලගතු සුවඳ ධූපය හදාගන්නේ කොහොමද කියලයි.
මුලින්ම ඔබ මේ අඩුම කුඩුම ටික හොයාගන්න ඕන.
සුදු හඳුන්, සැවැන්දරා, නෙළුම් රේණු, විශ්වක්‍රාන්ති, පිච්ච මල්, නාමල් රේණු, බැපල මුල් සහ කොළ, සපුමල් සමාන ප්‍රමාණ වලින්.
හදාගන්නේ මෙහෙමයි.
ඉහත ද්‍රව්‍ය ටික එකතු කරාම යම් බර ප්‍රමාණයක් එනවා. ඒ බර වගේ හතර ගුණයක් විතර T.T සාම්බ්‍රානි (සමාන්‍ය සාම්බ්‍රානි) හරි වෙනත් සුවඳ දුම් වර්ගයක් එක්ක කවලම් කරන්න. ඊට පස්සේ පහතින් දක්වල තියෙන පාඨයෙන් 108 වරක් ජීවම් කරන්න ඕන.
“ ඒ තේ සං අනුභාවේන
සබ්බ භූතානි වදිදිනෝ
චතු වී සති කේජේන
සබ්බ වින විනස්සතු”
ඉහත පාඨයෙන් ජීවම් කරලා ඉවරවෙලා, ආපහු ජය පිරිතෙන් 108 වරක් ජීවම් කරන්න.
මේ කරුණු දෙකම කරලා ඉවරනම් දැන් ඔබේ මහා බලසම්පන්න සුවඳ ධූපය සූදානම්. මේ සුවඳ ධූපයෙන් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට දේව ආකර්ෂණය වැඩිවෙලා ධනය, බලය, දියුණුව උදාකරගන්න පුළුවන්.
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353