News Line| Off Air
Generic placeholder image

Dec
31

2018 ජය ගන්න මංජුසාවක් ගෙදරදීම හදා ගන්න.

2086 Views


2018 ජය ගන්න මංජුසාවක් ගෙදරදීම හදා ගන්න.

2017 අවසන් වෙලා 2018 ලබන්න තව පැය කිහිපයක් විතරයි තියෙන්නේ. නව වසරකට යද්දි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ එ් අවුරුද්ද ඉතාම සාර්ථක වෙන්න කියලා. දැන් තියෙන කරදර නැතිවෙලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා. එ් නිසා 2018 සාර්ථක කර ගන්න තවත් රහසක් කියලා දෙන්න අපි හිතුවා. 2018 ට ජය ගෙනෙන මංජුසාවක් හදා ගන්න විදිය තමයි අපි කියලා දෙන්න යන්නේ. මේ තියෙන අඩුමකුඩුම ටික සූදානම් කරගෙන ජය මංජුසාව හදා ගන්න.

– මේවා තමයි මංජුසාව හදා ගන්න ඕන දේවල්.

1. සුදු හඳුන්, රත් හඳුන්, සැවැන්දරා, ජඨමාර, නෙළුම් රේණු, බෙලිමල්, විශ්ණුක්‍රාන්ති, සපුමල් රේණු, සිරිවැඩි, බෑපල මුල්, පිච්ච මල්, ලදපස් මල්
2. වී
3. කාසි 09 ක්
4. පිරිසිදු මුට්ටියක්

– දැන් මේ විදියට හදා ගන්න.

මුලින්ම අංක 1 ට අදාල ද්‍රව්‍ය ටික කවලන් කර ගන්න. දැන් පිරිසිදු මුට්ටයක් අරන් කාසි 09 ක් එ්ක අැතුලට දෙන්න. ඊට පස්සේ උඩින් වී ටිකක් දාන්න. දැන් කලින් කවලන් කර ගත්ත ද්‍රව්‍ය දාලා අැයෙත් වී ටිකක් උඩින්ම දාන්න.

එ විදියට තමයි මංජුසාව හදා ගන්නේ. දැන් මංජුසාව බල ගන්වන්න ඕන. එ්කට කරණීයමෙත්ත සූත්‍රයෙන් 3 වරක්, සීවලී පිරිතෙන් 21 වරක් සහ ජය පිරිතෙන් 3 වරක් පිරිත් කර ගන්න. බලගන්වපු මංජුසාව නිතර වදිව ස්ථානයේ, ව්‍යාපාරික ස්ථානයේ, නිවස මධ්‍යයේ තියලා දියුණුව ලඟා කර ගන්න.

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post