News Line| Off Air
Generic placeholder image

Dec
31

” බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා” ” හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – හතුරුසිංහගේ පැමිණීම ගැන ලංකාවේ ක්‍රීඩකයෝ කියපු කතා මෙන්න.

3162 Views


” බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා” ” හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – හතුරුසිංහගේ පැමිණීම ගැන ලංකාවේ ක්‍රීඩකයෝ කියපු කතා මෙන්න.

වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවට ගැලවුම්කරුවෙක් ආවා. ඒ තමයි චන්දික හතුරුසිංහ. ඔහු තමයි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු. හතුරු ලංකාවේ වැඩ බාර ගත්ත දවසේ ඉදන්ම ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩි කරන්න විවිද වැඩ කරනවා. ඇත්තටම හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයෝ සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇත්ද? ඒ ගැන සටහන් වුන අපූරු Facebook සටහනක් අපිට හම්බුනා. මේ තියෙන්නේ ඒ සටහන. බලන්නකෝ ඇත්තටම අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන්නේ මෙහෙමද කියලා.

හතුරුසිංහ ගේ පැමිණීම ගැන අපේ කණ්ඩායමේ අය දැක්වූ අදහස් :-

” සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. තග් ලයිෆ් ” – දනුෂ්ක ගුණතිලක

“මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

” ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත ” – ඇන්ජලෝ මැතිව්ස්

” හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – දිනේෂ් චන්දිමාල්

” බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා ” – දික්වැල්ල

” ඇයි මීට කලින් කෝච් ලා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්ඩ” – ලසිත් මාලිංග

” ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ ” – දයාසිරි ජයසේකර

” යස් දිස් අ වෙරි ටයිම්ලි ඩිශිෂන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. ෆ්‍රොම් කන්ට්‍රවර්ෂල් ප්‍රොපගැන්ඩා ” – කුමාර් සංගක්කාර

” යස් ඩෙෆනීට්ලි ” – ටී එම් දිල්ශාන්

” අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ අලුත් කෝච් තුමා ගැන විශ්වාසය තියන්න ” – උපුල් තරංග

” හතුරුසිංහගෙ මුත්‍රා සාම්පලයක් එවන්න අපිට. එයාගෙ කෝච් කිරීමේ ඉරියව්ව සැක සහිතයි ” – ICC එක

” වන් ටීම් වන් නේෂන් වන් කෝච් ” – සිරි ලංකා ක්‍රිකට් ආයතනය.

” පින් මදිද දන්නෙ නැ… කරුමයද දන්නෙ නෑ.. මාව සංචිතේ නෑ ” – තිරිමාන්න

” වරදක් කලත්… සිතකින් නොවේ. රිදවන්නෙ පලි ගන්නෙ ඇයි ” – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය

අපහාසයට නොව උපහාසයට පමණි.??
(උපුටා ගැනීමකි)


News Articles
Latest Videos
Most Popular Post