News Line| Off Air
Generic placeholder image

Dec
31

සරත් කොතලාවල මේනකා මධුවන්ති සමඟ විවාහ වෙයි?

1161 Views


සරත් කොතලාවල මේනකා මධුවන්ති සමඟ විවාහ වෙයි?

සරත් කොතලාවල කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඕනෑම චරිතයකට ගැලපෙන විදියට රඟපාන්න සරත්ට තියෙන්නේ පුදුම හැකියාවක්.

හැබැයි පහුලිය දවස්වල සරත් කොතලාවල ගැන අමුතු කතාවක් අහනන ලැබුණා. එ් සරත් ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති එක්ක විවාහ වෙලා කියලා. මේ ගැන වගේම තවත් දේවල් ගැන සති අන්ත පුවත්පතක් සරත්ගෙන ප්‍රශ්න කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් සංවාදය.

සරත් කොතලාවලගේ අලුත් මනමාලි මේනකාද?
අ‍පොයි නෑ. ඒක හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටර්න්ස් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී ගත් ඡායාරූපයක් විතරයි.
දකොළඹ සන්නිය කියන නම ඇහුවාම ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයක් සිනමා ලෝලින්ගේ මතකයට එනවා.

මේ චිත්‍රපටය එදා හදපු කොළඹ සන්නියේම ප්‍රති නිර්මාණයක්ද?
ඒ චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කළාට අලුත් චිත්‍රපටය වර්තමාන කාලයට ගැළපෙන විදිහටයි හැදෙන්නේ. ඒ නිසා මුල් චිත්‍රපටයේ ඇතුළත් නොවුණු ඇතැම් සිදුවීම් සහ චරිත මේ චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා. මම තමයි එහි ජෝ අබේවික්‍රම මහත්තයා රඟපෑ අන්දිරිස්ගේ චරිතය නිරූපණය කරන්නේ.

ජෝ අබේවික්‍රම වගේ රංගන ශිල්පියෙක් රඟපෑ චරිතයක් ප්‍රති නිර්මාණය කිරීමට බාරගැනීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ජෝ මහත්තයයි මාවයි සංසන්දනය කිරීම වැරදියි. මොකද ජෝ අබේවික්‍රම කියන්නේ ආසියාවේ බිහි වූ
විශිෂ්ටතම රංගන ශිල්පින් අතරින් කෙනෙක්. මේ චිත්‍රපටයේදීයි. මම මගේම රංගන ධාරිතාවට අනුව මගේම විදිහකට තමයි.
අන්දිරිස් ගේ චරිතය රඟපාන්නේ.

කොළඹ සන්නිය මුල් චිත්‍රපටයේ හැටියට අන්දිරිස් කියන්නේ විවාහක පුද්ගලයෙක් නේද?
ඔව්. හැබැයි අලුත් චිත්‍රපටයේදී අන්දිරිස් විවාහ දෙකක් කරගන්නවා. එයින් එක බිරිඳක් විදිහට තමයි මේනකා රඟපාන්නේ.

එතකොට පහුගිය දවස්වල අමුඩය පිටින් නගර පුරා ඇවිදින්න සිද්ධ වුණෙත් මේ චිත්‍රපටය වෙනුවෙන්ද?
ඔව්. අමුඩය කියන්නේ මට අමුතු ඇඳුමක් ‍නෙවෙයි. ඉස්සර මම අමුඩ ගහගෙන කුඹුරු කොටලාත් තියෙනවා. දැන් වෙනස් වෙලා තිබුණාට ඉස්සර අපේ ගම්වල උදවිය අමුඩ පිටින් තමයි කුඹුරු කෙටුවේ. ඒ නිසා විශාල පිරිසක් ඉස්සරහා අමුඩයක් ගහගෙන රඟපාන එක මට ලැජ්ජා වෙන්න හේතුවක් වුණේ නැහැ. අනික මම නළුවෙක්නේ. මට ලැබෙන චරිතයට අදාළ රඟපෑම මම උපරිමයෙන් කරනවා. මට විතරක් ‍නෙවෙයි සැනට් අයියාටත් (සැනට් දික්කුඹුර) චිත්‍රපටය නිසා අමුඩ ගහන්න සිද්ධ වුණා.

චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වෙන්න තවත් කොච්චර කාලයක් ගතවේවිද?
රූගත කිරීම් අවසන් අදියරේ තමයි මේ වෙනකොට තියෙන්නේ.

තන්හා රති රඟා චිත්‍රපටයෙන් පස්සේ ඔබ චිත්‍රපට පිටපත් රචනයට තිබුණු අවධානය අඩු වුණාද?
අ‍පොයි නැහැ. කුමාර තිරිමාදුරයි මමයි එකතුවෙලා අලුත් චිත්‍රපට දෙකක් සඳහා මේ වන විට පිටපත් ලියලයි තියෙන්නේ. ඒ අතින් එක චිත්‍රපටයකට නිෂ්පාදකවරයෙක් සොයාගත්තා. අනෙක් චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් තවමත් හොයනවා.

කොළඹ සන්නිය හැරුණාම මැතකදී වෙනත් චිත්‍රපටවලින් ඔබව දැකගැනීමට ලැබෙන එකක් නැද්ද?
මොකද නැත්තේ. මම රඟපෑ අලුත් චිත්‍රපට 6-7ක්ම ළඟදී තිරගතවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post