News Line| Off Air
Generic placeholder image

Jan
1

අලුත් දණහිසක් බද්ධ කරන්න සනත් ජයසූරිය රට යයි.

3180 Views


අලුත් දණහිසක් බද්ධ කරන්න සනත් ජයසූරිය රට යයි.

Master Blaster එහෙම නැත්තම් සනත් ජයසූරිය කිව්වම ක්‍රිකට් වලට අාදරය කරන ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් වලට ප්‍රවේගකාරී පිතිකරණ රටාව හදුන්වලා දුන්නේ සනත්. කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විදියටත් ඔහු කටයුතු කරා.

සනත්ට මේ දවස්වල ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඔහු උග්‍ර දණහිසේ අාබාධයකට ලක්වෙලා තියෙනවා. එදිනෙදා වැඩ කර ගන්නවත් බැරි තරමට සනත්ගේ අාබාධය වැඩි වෙලා තියෙනවා. ඔහු කිහිලිකරු භාවිතයෙන් තමයි වැඩ කරන්නේ.

සනත්ට දණහිසේ අාබාධය සුව කර ගන්න නම් වම් කකුලට දණහිසක් බද්ධ කරන්න ඕන කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. එ් නිසා ඔහු සැත්කමක් කරන්න හෙට (02) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යනවා. දණහිසේ සැත්කම කරලත් ඔහුට මාසයක් විතර ඕස්ට්‍රේලියාවේ රැදී ඉන්න වෙනවා. අාරංචි විදියට නම් මේ සැත්කමට රුපියල් ලක්ෂ 50 – 60 අතර මුදලක් වැය වෙනවාලු.

ලංකාවේ නම ලෝකයට අරගෙන ගිය ක්‍රීඩකයෙක් සනත් කියන්නේ. ඔහුට ඉක්මන් සුවය ලැබෙන්න කියලා සියත 24 අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post