News Line| Off Air
Generic placeholder image

Jan
1

තායිලන්තයේ ව්‍යාපාරිකයෙක්ට අවුරුදු 13 000 ක සිර දඬුවමක්.

556 Views


තායිලන්තයේ ව්‍යාපාරිකයෙක්ට අවුරුදු 13 000 ක සිර දඬුවමක්.

වරදක් කලොත් දඩුවම් විදින්නම වෙනවා. නීතියෙන් බේරිලා හිටියත් කර්මයෙන් නම් මොන සක්කරයාටවත් බේරෙන්න බෑ. ලෝකයේ ගොඩක් රටවල නීතියෙන් ලබා දෙන ලොකුම දඩුවම තමයි මරණ දණ්ඩනය. එහෙම නැති වුනොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම්.

ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලබපු අයට මැරෙනකන්ම හිරේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි අාත්ම ගාණනක් හිරේ ඉන්න දඩුවමක් අධිකරණයෙන් දුන්නා කියව්වම ඔබ පිළිගන්නවද? තායිලන්තයේ අධිකරණයක් තමයි මේ දඩුවම දුන්නේ.

මහජනතාවගේ මුදල් දරුණු විදියට වංචා කරපු ව්‍යාපාරිකයෙක්ට එරට අධිකරණය අවුරුදු 13,000 ක සිර දඩුවමක් නියම කරා. “පොන්සි” හෙවත් “පිරමීඩ” ක්‍රමයේ මුදල් අායෝජන ක්‍රමයකින් මේ ව්‍යාපාරිකයා මුදල් වංචා කරලා තිබ්බා. අවුරුදු ගණනාවක් තිස්සේ බොහොම ජයට මේ වැඩේ කරගෙන ගිහින් තියෙනවා. අැමරිකානු ඩොලර් මිලියන 160 කට වඩා වංචා කරලා.

අධිකරණයක් ලෝකයේ මෙච්චර කාලෙකට නියම කරපු ලොකුම දඩුවම මේක. ඕක තමයි කියන්නේ වැරදි කරලා බේරෙන්න බෑ කියලා. ඔහුට මේ සිර දඩුවම ඉවර කරන්න නම් තව අාත්ම දහස් ගණනක් හිරේ ලගින්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post