Headline එක දැක්කම ඔබට හිතුනේ අපිට වැරදිලා කියලද? නෑ අපිට වැරදිලා නෑ. ඔබ දැකපු Headline එක හරි. මේ Article එක දිගටම කියවන්නකො. එතකොට ඔබට තේරේවි මොකක්ද මේ කතාව කියලා.
තාක්ෂණය දියුණු වෙනවත් එක්කම කාල තරණය ගැන විද්‍යාඥයින් හොයන්න පටන් ගත්තා. වර්තමානයේ ඉදලා අනාගතයටත්, අතීතයටත් යන්න ගොඩක් අය උත්සාහා කරනවා. කාල තරණය ගැන හැදුණු චිත්‍රපට පවා ඕනෑ තරම් තියෙනවා.
එ්වාගේ තියෙන විදියට නම් විශේෂ යන්ත්‍රයකින් තමයි කාල තරණය කරන්නේ. හැබැයි ගුවන් යානයකින් කාල තරණය කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද? 2018 දී ගුවන්ගත වුන ගුවන් යානයක් 2017 දී ගොඩ බස්වලා තියෙනවා. ටික අවුල් වගේද? ඉන්නකො පැහැදිලි කරලම කියන්න.
හවායි ගුවන් සේවයට අයිති HAL446 ගුවන් යානය ජනවාරි 01 දා අලුයම 12.05 ට පියාසර කරනවා. එ් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ ඉදන්. යානයේ ගමනාන්තය වුනේ හොනලුලු ගුවන්තොටුපල. හොනලුලු වලින් යානය ගොඩබැස්සුවේ 2017 දෙසැම්බර් 31 පෙරවරු 10.16 ට. එ්කට හේතුව ගුවන්තොටුපලවල් 2 තියෙන්නේ ලෝක ගෝලයේ දෙපැත්තක. හොනලුලුවල කාලය ඕක්ලන්ඩ්වලට වඩා පැය 23 ක් පිටුපසින් තියෙන්නේ. එ් නිසා තමයි ගුවන්යානය අවුරුද්දක්ම අාපස්සට ගිහින් තියෙන්නේ.
දැන් තේරුණා නේද සිද්ධ වුන දේ. කාලය තරණය කරන්න විශේෂ යන්ත්‍ර ඕන නෑ. ගුවන් යානයක් තිබ්බා නම් අැති.