News Line| Off Air
Generic placeholder image

Jan
2

ලංකාවේ වටිනාම වාලම්පුරිය කුණු කොල්ලෙට. – (PHOTOS)

2715 Views


ලංකාවේ වටිනාම වාලම්පුරිය කුණු කොල්ලෙට. – (PHOTOS)

ලෝකයේ විවිධ විශ්වාස සහ අැදහිලි තියෙනවා. වාලම්පුරි ළඟ තියා ගත්තම වාසනාව, ධනය ලැබෙනවා කියන්නේ එ් වගේ විශ්වාසයක්. එ්කත් වාමාවර්තව කැරකුන වාලම්පුරි. මේ වාලම්පුරි කියන්නේ මුහුදේ ඉන්න බෙල්ලන් විශේෂයක්. බොහොම කලාතුරකින් තමයි වම් අතට කැරකුන වාලම්පුරි හම්බෙන්නේ.

මේ වගේ වලාම්පුරියකට වෙළඳපොලේ ලොකු වටිනාකමක් තියෙනවා. කෝටි ගණන්වලට විකිණෙන වාලම්පුරිත් තියෙනවා. ඉතින් එ් වගේ ඉතාම දුර්ලබ වාලම්පුරියක් විකුණන්න යද්දී, පොලීසියෙන් අත්අඩංගුවට අරන් තිබ්බා. ටයිටේරියන් වර්ගයේ ලෝකයේ මිල අධිකම වාලම්පුරියක් තමයි මේ විදියට හොයාගෙන තියෙන්නේ. කෝටි 04 කට තමයි මේ වාලම්පුරිය විකුණන්න හදලා තියෙන්නේ.

ලංකාවෙන් හමුවුන විශාලම සහ වැඩිම වටිනාකමක් අැති වාලම්පුරිය මේක. මේ වාලම්පුරියේ දිග සෙන්ටිමීටර් 43 ක්. වට ප්‍රමාණය සෙන්ටිමීටර් 103 ක්. උස සෙන්ටිමීටර් 10 ක්. මේ වාලම්පුරියේ වාමාවර්ත වළලු 10 ක් තියෙනවා. බර ග්‍රෑම් 1,285 ක්. මේ වාලම්පුරියත් එක්ක සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

පහුගිය කාලයේ වාසනාව ලබා ගන්න කියලා අැත්තු මරලා ගජමුතු ගත්තා. දැන් මුහුදේ ඉන්න බෙල්ලන් අල්ලනවා. අහිංසක සතෙක්ගේ ජීවිතය නැති කරලා වාසනාව ලබා ගන්නේ කොහොමද කියලා ඔබම තීරණය කරන්න.


News Articles
Latest Videos
Most Popular Post