News Line| Off Air
Generic placeholder image

Jan
2

“ෂොයිබ් අක්තාර්ලට දණ නොගහා හයේ ඒවා ගහපු සනත් ජයසුරිය අද ඇවිදින්නේ කිහිලිකරු වලින්.” – ආදරණිය සනත් ජයසුරිය, ඔබට සුභ ගමන්. පරිස්සමෙන් ගිහිං ඉක්මනටම හොඳ වෙලා එන්න.

3505 Views


“ෂොයිබ් අක්තාර්ලට දණ නොගහා හයේ ඒවා ගහපු සනත් ජයසුරිය අද ඇවිදින්නේ කිහිලිකරු වලින්.” – ආදරණිය සනත් ජයසුරිය, ඔබට සුභ ගමන්. පරිස්සමෙන් ගිහිං ඉක්මනටම හොඳ වෙලා එන්න.

“අාබාධයක් නිසා මැතිව්ස් සංචිතයෙන් ඉවතට”, “ධනංජය ද සිල්වා තරඟය අතරතුරදී අාබාධයකට ලක්වෙයි” මේ වගේ පුවත් දැන් අපිට සාමාන්‍ය දේවල් වෙලා. එ් තරමටම අද කාලයේ ක්‍රීඩකයෝ අාබාධ වලට ලක්වෙනවා. හැබැයි ඔබට මතකද “සනත් අබාධයකට ලක්වෙලා, වාස්ට දණ හිසේ අබාධයක්” කියලා කවුරු හරි කියනවා. එදා සනත්ලා ලකුණු පුවරුවේ ඉඩ නැතිවෙන තරමට පිටියේ සෙල්ලම් කරලා කකුල් දෙකෙන් ඇවිද ගෙනයි ක්‍රීඩාගාරයට ආවේ. හැබැයි අද 50ක් ගහපු ගමන් අපේ යොවුන්, නවක ක්‍රීඩකයෝ හති දානවා. ඒ තරමටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිරිහිලා.

කොහොම වුණත් අපි මේ කියන්න හදන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ ශාරීරික නුසුදුසුකම් ගැන නෙවෙයි. මුළු ලෝකෙම තාමත් ආදරය කරන අපේ කාලයේ ක්‍රිකට් වීරයා සනත් ජයසුරිය ගැනයි.

ක්‍රිකට් ඉතිහාසයේ භයානකම බවුන්සර් පන්දු යවපු ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, පකිස්තානයේ ශයිබ් අක්තාර්, දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ්ගේ පන්දුවලට දණ නොගහා දෙපයින් හිටගෙන හයේ හතරේ ඒවා ගහන්න ශක්තියක් සනත්ට තිබ්බා. එ් වීරයා ගැන කණගාටුදායක පුවතක් අපිට අහන්න ලැබුණා. සනත්ට දරුණු දණහිස ආශ්‍රිතව අාබාධයක් අැතිවෙලා තියෙනවා. ඔහුට දෙපයින් ඇවිදින්නවත් බැරි තරම් අමාරු වෙලා. ඒ නිසා දැන් ඔහු ඇවිදින්නේ කිහිලිකරු වල අධාරයෙන්.

සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති සනත් අද රෑ ඕස්ට්‍රේලියා යනවා කියලා. සනත්ගේ රෝගී තත්වය පහුගිය ටිකේ ටිකක් වැඩි වුණා. ඒ නිසා වෛද්‍යවරු නිරදේශ කරලා තියෙන්නේ සනත්ට දණහිස ආශ්‍රිත සැත්කමක් කරන්න ඕන කියලයි. ඒ සැත්කම වෙනුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගිහින් මාසයක විතර කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගනීවි.

හැබැයි අපි මේ සටහන තියන්නේ කළගුණ සැලකීමක් වෙනුවෙන්. මොකද අද මේ විදියට අාබාධයකට ලක්වෙලා හිටියත් ඔහුගේ දෙපා නිසා ලංකාව තරඟ කීයක් දිනන්න අැතිද. ඔහුගේ දෙපා වලින් දුවලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු කීයක් ගන්න ඇතිද? ලංකාව වෙනුවෙන් දුවගෙන ඇවිත් දඟ පන්දු යවලා කඩුලු කීයක් දවා ගත්තද? ලංකාව වෙනුවෙන් උඩපන්නු රැක ගන්න, හතරේ පහර නවත්වන්න පන්දුව පිටුපසින් කොච්චර දුවන්න අැතිද. එහෙම ජවසම්පන්න ක්‍රීඩකයාට අද අැවිදින්න බැරුව ඉන්නවා දැක්කම ඔහුගේ පිටිය මැද ගිණිකෙළි දැක අැති ඕනෑම කෙනෙක්ගේ දෑසට කඳුළු අාවට පුදුම වෙන්න දෙයක් නෑ.

ක්‍රීඩාවෙන් සමුගත්තත් තේරීම් කමිටු සභාපති විදියට පහුගිය කාලයේ ඔහු ක්‍රීඩකයාන් පිටුපසින් සිටිමින් ලොකු මෙහෙයක් කරා. ඉතිං ලංකාවේ ක්‍රිකට්වල සාදාකාලික වීරයෙක් වුන සනත් ජයසූරියට සැත්කම සාර්ථකව කරගෙන ඉක්මනින්ම සුව වෙන්න හැකි වෙන්න කියලා මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වගේම ක්‍රිකට් වලට ආදරේ කරන ලෝක වාසී ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් සියත 24 අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post