ලංකාවේ වානාන්තරවල ඉන්න ලස්සනම සතෙක් තමයි දිවියා. හැබැයි කැළෑ විනාශ කරන නිසා උන්ට දැන් ඉන්න හිටින් තැනක් නෑ. එ් නිසා දිවියො දැන් ගම්මානවලට එන්න පටන් අරන්.
ඊයේ හැටන් වලටත් දිවියෙක් අැවිත් තිබ්බා. මුළු හැටන් ප්‍රදේශයම දෙවනත් කරපු මේ දිවියා කිහිප දෙනෙක්ට පහර දීලා තිබ්බා. එ් වගේම බල්ලන් සහ බළලුන් කිහිප දෙනෙක් දඩයම් කරලාත් තිබ්බා. ඊයේ වනජවී නිලධාරීන් මේ දිවියව නිරවින්ධනය කරලා අල්ලන්න ලොකු මෙහෙයුමක් කරා. හැබැයි දිවියාව අල්ලා ගන්න බැරිවුනා.
එ් නිසා අද විශේෂ උගුලකුත් අටවලා තිබ්බා. මේ උගුලේ අැමට තියලා තිබ්බේ බල්ලෙක්. කොහොම වුනත් මේ විශේෂ උගුල නිසා බල්ලාට කිසිම හානියක් කරන්න දිවියාට බෑ. එ් වුනත් අදත් දිවියාගේ නැට්ටක්වත් අල්ලා ගන්න බැරි වුණා.
වන ජීවී නිලධාරීන් කියන්නේ ඊයේ මල්වෙඩි ගහපු නිසා දිවියා රක්ෂිතයේ හැංගිලා කියලා. මේ දිවි කරදරේ නිසා හැටන්වල ජන ජීවිතයත් අඩාල වෙලා තියෙන්නේ.