News Line| Off Air
Generic placeholder image

Jan
4

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික ගැටළු වලට ප්‍රතිකාර කරන්න හතුරුසිංහ ඕස්ට්‍රේලියාවෙන් මනෝ වෛද්‍යවරයෙක් ගෙන්වයි.

897 Views


ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික ගැටළු වලට ප්‍රතිකාර කරන්න හතුරුසිංහ ඕස්ට්‍රේලියාවෙන් මනෝ වෛද්‍යවරයෙක් ගෙන්වයි.

පහුගිය දවසක හතුරුසිංහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දුන්නා. එ්කේ අහලා තිබ්බේ ක්‍රීඩකයෝ කැමති අකමැති දේවල් ගැන. හතුරුසිංහ මේ ප්‍රශ්න පත්තරවල උත්තර බලන්න බාර දීලා තිබ්බේ මනෝ වෛද්‍යවරයෙක්ට. එ් ඕස්ට්‍රේලියානු ජාතික මනෝ වෛද්‍ය Phil Jauncey ට. ඔහුගෙන් ක්‍රීඩකයොන්ගේ මානසික මට්ටම ගැන වාර්තාවක් හතුරුසිංහ අරගෙන තිබ්බා.

Phil Jauncey ගෙන්නනලා ක්‍රීඩකයන්ට වැඩමුළුවක් අද ක්‍රිකට් අායතනයේදී තිබ්බා. තමන්ගේ මානසික මට්ටම වැඩි කර ගන්නේ කොහොමද, තරඟයකදී මානසික මට්ටම පාලනය කරගන්නේ කොහොමද කියන කරුණු ගැන තමයි මෙහිදී ඔහු කතා කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතාත් මේ වැඩමුළුවට සහභාගී වෙලා තිබ්බා. Phil Jauncey ගෙන්නලා මේ වගේ තවත් වැඩමුළු කරනවා කියලයි ක්‍රිකට් අායතනය කිව්වේ.

 


News Articles
Latest Videos
Most Popular Post