නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි විනූ උදානි සිරිවර්ධන. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිණියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් කාලෙකට පස්සේ විනූගේ තොරතුරු ගැන සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙන්න මේ විදිහට…
මෙහෙමයි… තවම ඉක්මනට විවාහ වෙන්න අදහසක් නැහැ. තව අවුරුදු කීපයක් ඒකට කල් තියෙනවා. ඒ නිසා වැඩි අවධානයක් ඒ සඳහා යොමු කරල නැහැ. නමුත් එහෙම අදහසක් තියෙන්නෙ පවුල් ජීවිතය ගැන හිතල. ගොඩක් පිරිස අකමැතියි විවාහ දිවියට පස්සෙ රංගනය කරනවට. නමුත් මම විවාහ දිවියෙන් පස්සෙ රංගනයෙන් දායක වෙනවට අකමැති පුද්ගලයෙක් හමු නොවුනොත් මම හිතන්නෙ දිගටම රංගනයෙන් දායක වෙන්න පුළුවන්. ඉතින් ඒක ලැබෙන පුද්ගලයාගෙ තීරණය මත තමයි.
ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් කවදාවත් සහකරුවෙකු කර ගන්නෙ නෑ කියල මාධ්‍යවලට කියල තිබුනා. ඇත්තටම කලා කේෂේත්‍රයෙ අය ඒ තරම් නරක ද ?
නෑ…නෑ…නෑ….ඇත්තටම එහෙම අර ගලේ කොටල වගේ තියෙන සම්මතයක් නෙවෙයි ඒක. අනිත් එක මම ඒක කිව්වෙ ක්ෂේත්‍රයෙ ඉන්න සහෝදර ශිලපීන්ට අපහාස කරන්නත් නෙවෙයි. ඒත් එක එක අයගෙ කැමැත්ත හා මත තියෙනවනෙ. මගේ දෙමව්පියන්ගෙ මතයත්, මම මේ ක්ෂේත්‍රයෙ ඉන්න නිසා වෙනත් ක්ෂේත්‍රයක නිරත වෙන කෙනෙක් මගේ සහකරුවා කරගන්න තියන එකයි. ඒ අදහස තමයි මම කිව්වෙ.
හොඳ කෙනෙක්ගෙ දෙයක් නම් තමයි මම භාර ගන්නෙ. ඒක ටෙලි නාට්‍යවලටත්, චිත්‍රපටවලටත් පොදුයි. එහෙම බලල මගේ ජීවිතයට බලපෑමක් නැත්නම් ඒ දෙයට දායක වෙනවා. ගීතයට ජිවයක් රූප රචනාවෙන් ලැබෙනවා කියලා මම හිතනවා.
මම කොටට ගවුම් අඳින්නෙ නෑ. ඒක මගේ මාර්කට් එකත් නෙවෙයි.
ඇත්තටම කටකතාවලට සිද්ධියක් තියෙන්න ඕනම නැහැ. එතැන දි ප්‍රසිද්ධිය තමයි බලපාන්නෙ. ප්‍රේක්ෂක අවධානය යොමු වෙනව වැඩියි නම්, කතා බහට ලක් වෙනව වැඩියි නම් ඔහුට හෝ ඇයට කට කතාවක් හැදෙනවා. ඒක වළක්වන්න අමාරුයි.
නෑ ! ඒකේ කිසිම සත්‍යතාවයක් නෑ. ( සිනා )….. මොකද අපි කාලෙන් කාලෙට අලුත් නිර්මාණවලින් අලුත් රංගනයන්ගෙන් එනකොට ඒ ඒ අය අල්ලල කටකතා හදන එකනෙ සිරිත.
ඔව් ! කටකත හැදුන හෝ නැතා හෝ අපි දෙන්නා අතර එහෙම සම්බන්ධයක් නෑ.
අනේ නෑ…… මම ආඩම්බරයි කියල කියනව ඇත්තෙ මාත් එක්ක කතා නොකරපු අය වෙන්න ඕන. නමුත් මාත් එක්ක කතා කරපු අයනම් කවදාවක් එහෙම කියන්නෙ නෑ කියලා මම දන්නවා. හැබැයි මට කතා කරපු අය කියල තියෙනව
“ඔයත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල ඔයා හරි ආඩම්බරයි කියල හිතෙනව. හැබැයි කතා කරහම තමයි එහෙම නෑ කියල තේරෙන්නෙ” කියල. ගොඩක් අය මගේ රූපෙ දිහා බලල, මම ඉන්න විදිහ බලල තමයි ඔහොම කියන්නෙ. නමුත් මම කවදාවත්, කාටවත් ආඩම්බරකම් පාන්නෙ නෑ.
නෑ…නෑ…. එහෙම නෙවෙයි. මම රගපෑම වෘත්තියක් විධියට කරන්න බලාපොරොත්තුවක් නෑ. අනික ජන මාධ්‍ය කියන්නෙ කලාවෙම කොටසක්නෙ. මම හිතුවෙ ජනමාධ්‍ය ඉගෙනගෙන ජනමාධ්‍යයට අදාළ රැකියාවක් කරන්න.