News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

කෝලිව පරිස්සම් කරගන්න ක්‍රිස් ගේල්ව බිළිදෙයි. ඉන්දියාවේ අලුත්ම සැලැස්ම මෙන්න.

1770 Views


කෝලිව පරිස්සම් කරගන්න ක්‍රිස් ගේල්ව බිළිදෙයි. ඉන්දියාවේ අලුත්ම සැලැස්ම මෙන්න.

IPL තරඟාවලියට ක්‍රීඩකයින් රඳවා ගන්න මිල ගණන් කැඳවීම ඊයේ තිබ්බා. එ් මුම්බායි වලදී. මේ සැරෙත් වැඩිම වටිනාකම ලැබුනේ විරාත් කෝලිට. එ් ඉන්දීය රුපියල් කෝටි 17 ක්. දෙවෙනියට වැඩිම වටිනාකමක් දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 15 ක වටිනාකමක් ලැබුණා.

වැඩිම වටිනාකමක් ලැබුන විදේශීය ක්‍රීඩකයින් දෙන්නා වුනේ ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත්. ඔවුන් දෙදෙනාගේ වටිනාකම වුනේ ඉන්දීය රුපියල් කෝටි 12 ක්.

එ් වගේම මෙවර IPL මිල ගණන් කැදවීමේදී තවත් විශේෂ සිදුවීමක් වුණා. IPL ක්‍රිකට් ඉතිහාසයේ වීරයන් වුන ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කණ්ඩායම් වලින් ඉවත් කරලා තිබ්බා. බෙන් ස්ටෝක්ටත් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

IPL තරඟාවලියේ අනිකුත් ක්‍රීඩකයන්ට හිමි වුනේ මේ වගේ වටිනාකමක්.

1.සන්රයිසස් හයිඩ්‍රාබාද්
ඩේවිඩ් වෝනර් (ඉ.රු.කෝ. 12) ‘ බුවනේශ්වර් කුමාර් (ඉ.රු.කෝ. 8.5)

 

2.රෝයල් චැලේන්ජ් බැංගලෝර්
විරාට් කෝලි (ඉ.රු.කෝ. 17) , එ්.බී. ඩිවිලියස් (ඉ.රු.කෝ. 11) , සෆ්රාස් කාන් (ඉ.රු.කෝ. 1.75)

 

3.රාජස්ථාන් රෝයල්
ඕස්ටේලියානු නායක ස්ටීව් ස්මිත් (ඉ.රු.කෝ. 12)

 

4.කොල්කටා නයිට් රයිඩර්ස්
සුනිල් නාරින්(ඉ.රු.කෝ. 12) ‘ අැන්ඩ්‍රි රසෙල් (ඉ.රු.කෝ. 7)

 

5.කින්ග්ස් ඉලෙවන් පන්ජාබ්
අක්ෂර් පටෙල් (ඉ.රු.කෝ. 6.5)චෙන්නායි සුපර් කින්ග්ස්මහේන්ද්‍ර සිං දෝනි (ඉ.රු.කෝ. 15) , සුරේෂ් රයිනා (ඉ.රු.කෝ. 11) , රවීන්ද්‍ර ජඩේජා (ඉ.රු.කෝ. 7)

 

6.ඩිල්ලි ඩෙයාඩෙවිල්ස්
රිෂාබ් පන්ට් (ඉ.රු.කෝ. 8 , ක්‍රිස් මෝර්ස් (ඉ.රු.කෝ. 7) , ශ්‍රෙයාස් අයියර් (ඉ.රු.කෝ. 7)

*(ඉ.රු.කෝ. – ඉන්දීය රුපියල් කෝටි)


News Articles
Latest Videos
Most Popular Post