ලංකාවේ ප්‍රධානම අාදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. විදේශ රටවලින් එන සංචාරකයින් නිසා ලංකාවට ලොකු අාදායමක් ලැබෙනවා.
එ්ත් සමහර මිනිස්සුන්ගේ වැඩ නිසා ලංකාවේ කීර්ති නාමයටත් හානි වෙනවා. සංචාරකයින්ගෙන් ඉතාම අසාධාරණ විදියට මුදල් ගරාගන්න අය නිසා අායෙත් ලංකාවට එන එක ගැන සංචාරකයෝ දෙපාරක් හිතනවා.
එ් වගේ අවස්ථාවක වීඩියෝවක් Facebook එකට දාලා තිබ්බා. කොළඹ කොටුවෙ ඉඳන් ගුවන්තොටුපළ දක්වා යන විදේශික කන්තාවන් දෙන්නෙක්ගෙන් රුපියල් 200 ක මුදලක් ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹ ඉදන් ගුවන්තොටුපළට යන්න ටිකට් එකක ගණන රුපියල් 50 යි. විදේශීය කාන්තාවන් දෙන්නා දිගින් දිගටම නිවැරදි ගණන 100 ක කියලා කිව්වත් කොන්දොස්තර එ්ක පිළිගන්නේ නෑ. අන්තිමේදී විදේශීය කාන්තාවන් දෙන්නා රුපියල් 200 ක් දෙනවා. ඊයේ (04) හවස 5.00ට විතර ND 5998 දරණ බස්රථයේදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.
මේ වගේ මිනිස්සු නිසා සංචාරකයින් අායෙත් ලංකාවට එන්නේ නෑ. එ් නිසා බලධාරීන් මේ ගැන නිසි පියවර ගන්න ඕන.
https://www.facebook.com/slmirror/videos/1791698237516104/