News Line| Off Air
Generic placeholder image

Jan
6

“පුළුවන් නම් හැප්පිලා බලමු” මැකෝ අපේක්ෂකයන්ට අභියෝග කරයි.

564 Views


“පුළුවන් නම් හැප්පිලා බලමු” මැකෝ අපේක්ෂකයන්ට අභියෝග කරයි.

පෙබරවාරි 10 වෙනිදා ගමේ ඡන්දය පවත්වන්න දින නියම කරලා ඉවරයි. එ් නිසා අපේක්ෂකයෝ ඡන්ද ගොඩ වැඩි කර ගන්න නොයෙක් වැඩ කරනවා. සමහරු බලන්නේ නීති විරෝධී වැඩ කරලා හරි ඡන්ද ගන්න.

එහෙම නීති කඩන අයට දඩුවම් කරන්න ඡන්ද කාලෙට වීරයෙක් එනවා. එ් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා. මැතිවරණ නීති කඩන අයට පොඩි හරි සමාවක් එතුමාගෙන් ලැබෙන්නේ නෑ. මැතිවරණ නීති කඩන අයට කොමිසමේ සභාපතිතුමා අභියෝගයක් කරා. “මැතිවරණ කොමිසමේ බලතල ගැන කිසිම දේශපාලන පක්ෂයකටවත්, දේශපාලනඥයෙක්ටවත් අභියෝග කරන්න බෑ. එහෙම ජගතෙක් ඉන්නවා නම් හැප්පිලා බලමු.” කියලයි සභාපතිවරයා කිව්වේ.

සමහර අපේක්ෂකයෝ පූජා භූමි වලත් රැස්වීම් තියනවනෙ. එ් අයටත් කරන්නෙ මොකක්ද කියලා එතුමා කිව්වා. “පන්සලක, පල්ලියක හරි කෝවිලක හරි ඡන්ද රැස්වීම් තියන්න බෑ. එහෙම තිබ්බොත් අපේක්ෂකයාගෙයි පූජක උතුමන්ගෙයි ප්‍රජා අයිතිය අවුරුදු 7 කට අහෝසි වෙනවා.” කියයි මහින්ද දේශප්‍රිය මහතා කිව්වේ.

පේන විදියට නම් මෙදා සැරරේ අපේක්ෂකයන්ට ලේසි වෙන්නේ නෑ. මැතිවරණ කොමිසම වේවැල අතට අරන් තියෙන්නේ. වැරද්දක් කරලා අහුවුනොත් ප්‍රජා අයිතියත් නැති කරන් තමයි නවතින්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post