News Line| Off Air
Generic placeholder image

Jan
8

හතුරුසිංහට බලතල වැඩි කරමින් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි.

738 Views


හතුරුසිංහට බලතල වැඩි කරමින් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණපිට ගහන කාලයක් මේක. හතුරුගෙන් පටන් ගත්ත මේ වැඩේ තවත් කොටසක් ඊයේ සිද්ධ වුණා. එ් ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ විශේෂ මහ සභා රැස්වීමේදී.

මේ විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ව්‍යවස්ථාවත් වෙනස් කරා. ප්‍රධාන පුහුණුකරුත් තේරීම් කමිටුවට අැතුලත් කරපු එක තමයි සිද්ධ වුන ප්‍රධානම සංශෝධනය. එ් වගේම සංචාරයකදී අවසන් 11 තේරීමේ වගකීමත් කළමණාකරුට, ප්‍රධාන පුහුණුකරුට සහ නායකයාට පැවරුවා.

එ් වගේම විශේෂ යෝජනා කිහිපයක්ම මේ විශේෂ මහ සභාවේදී යෝජනා වුනා. මේ තියෙන්නේ එ් යෝජනා.

* පාසල් ක්‍රිකට් කමිටුවක් පිහිටුවීම. – එ් කමිටුවේ සභාපති විදියට පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙක් කටයුතු  කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන්නත් එ් නියෝජිතයාට අවස්ථාව ලැබෙනවා. පාසල් ක්‍රිකට් කමිටුව සාමාජිකයන් 8 දෙනෙක්ගෙන් සමන්විතයි. පාසල් ක්‍රිකට් සංගමයෙන් 3 දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයෙන් පත්කරන නිලධාරීන් 3 දෙනෙක් ඊට අැතුලත් වෙනවා. ඉතුරු දෙන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ උප සභාපති සහ උප භාණ්ඩාගිරික අැතුලත්.

* ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ මහ සභාවේදී පත්කරන නිලධාරී මණ්ඩලයේ එක වාරයක නිල කාලය වසර 2ක උපරිම කාලයකට පවත්වාගෙන යාම.

* ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු තරග සංචාරවල තේරීම් කමිටු සාමාජිකයෙක් බවට පත්කිරීම.

* දේශීය ක්‍රිකට් තරඟාවලි සදහා සහභාගී වෙන ක්‍රීඩකයන්ට විනය නීතිරීති මාලාවක් හදුන්වා දීම.


News Articles
Latest Videos
Most Popular Post