පවුල් අාරවුල් කියන් එ්වා දැන් සාමාන්‍ය දේවල් වෙන තරමටම වැඩි වෙලා. අවුරුදු ගණනක් අාදරය කරලා විවාහ වෙන සමහර අය සතියෙන් දෙකෙන් වෙන් වෙනවා. ඔය අතරේ අනියම් සමබන්ධකම් තියෙන අය වෙන් වෙන්නේ ගහ මරාගෙන.
විවාහ වුන දෙන්නෙක් ඩිවෝස් වෙද්දී වන්දි ඉල්ලනවානේ. අසාධාරණයට ලක් වුණ පාර්ශවයට පුළුවන් තමන්ට ඕන දේ වන්දි විදියට ඉල්ලන්න. එ් විදියට වන්දියට කට්ට කරවල කෑල්ලක් ඉල්ලපු පුවතක් වාර්තා වුණා. කටුගස්තොට රණවත පාරේ හිටිය අනියම් යුවලක් නිතරම අඬ දබර කරගෙන තියෙනවා. එ් නිසා අනියම් බිරිය 65 හැවිරිදි පුද්ගලයාව ගෙදරින් එළවලා.
අනියම් බිරිය ගෙදරින් එලෙව්වම මේ පුද්ගලයා කටුගස්තොට පොලීසියට ගිහින් පැමිණිලි කරලා. පොලීසියේ හඬා වැලපෙමින් තමන්ට බිරිය ඕනමයි නැත්තම් ඔහුට අයිති බඩු බාහිරාදිය ලබා දෙන්න කියලා ඉල්ලලා. ඔහුට අයිති බඩුත් එක්ක අවසන් වරට අැයට අරන් දීපු කට්ට කරවල කෑල්ලත් ඕනමයි කියලා මේ පුද්ගලයා පොලීසියට කියලා.
අන්තිමේදී පොලීසිය අනියම් බිරිදව හොයා ගෙන ගිහින් අැයව පොලීසියට කැඳවාගෙන අාවා. අැය සතුව තිබ්බ ඔහුගේ බඩුත් එක්ක කට්ට කරවල කෑල්ලත් එ් පුද්ගලයාට බාර දීලා. බිරිඳට වඩා කට්ට කරවල කෑල්ල ලොකුයි කියන්නේ ඔය වගේ වෙලාවට තමයි.