News Line| Off Air
Generic placeholder image

Jan
8

තිසර පෙරේරා තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්නේ කුමන ක්‍රීඩාවෙන්ද?

2229 Views


තිසර පෙරේරා තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්නේ කුමන ක්‍රීඩාවෙන්ද?

2017 කියන්නෙ බුකියට අපූරු අවුරුද්දක්. එක එක හේතු නිසා අවුරුද්ද පුරාම බුකිය රත්වෙලා තිබ්බේ. 2017 අවුරුද්දේ සිදුවීම් මුල් කරන් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා. මේ ප්‍රශ්න වලට හරි උත්තරය දීලා ඔයාටත් බුකී නැණ කිරුළ දිනා ගන්න පුළුවන්ද බලන්න.

1. අසංවර ලෙස හැසිරෙන ගායකයන් තැලීම සඳහා ජනාධිපති භාවිතා කල උපකරණය
(A) කොටි වලිගෙ (B) මඩු වලිගෙ (C) ඉදල
(D)ටොයිලට් බ්‍රශ් එක

2. මහින්ද රාජපක්ශ මහතා සුප්‍රසිද්ද ආණ්ඩු පෙරළිය කරපු වර්ශය
(A) 2015 (B) 2016 (C) 2017 (D) 2014

3. ලෝකයේ පලමු වතාවට කොමිසමක් ඉදිරියේ සාක්කි දුන් අගමැති වරයෙක් ඉන් පිටතට පැමින ප්‍රකාශ කලේ,
(A) භය නෑ (B) ණය නෑ (C) රෙදි නෑ (D)පු.. නෑ

4. දූශිත දේශපාලකයින්ට එරෙහිව ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැනුවේ…
(A) හෙන්ඩුව (B) මිටිය (C) කඩුව (D) හෙලුව

5. සුප්‍රසිද්ද භාණ්ඩාගාර බිල්පත් චෝදනාව එල්ලවූ මහබැංකු අධිපතිවරයා
(A) අර්ජුන් ඇලෝසියස් (B) අර්ජුන් මහේන්ද්‍රන් (C) අර්ජුන් රාම්පාල් (D) අර්ජුන් කමලනාත්

6. මර්වින් සිල්වා මහතා විසින් අලුතින් පිහටවූ පක්ශයේ සාමාජිකයින් ගනන
(A) 2 (B) 2 (C) 2 (D) 2

7. ලොව විශිෂ්ටතම රහස් ඔත්තු සේවය
(A) CIA (B)මොසාඩ් (C) රෝ (B) BGN (බෙං ගමු නාලක)

8. ලාංකිකයා විසින් වසර පුරාවට මුහුද දෙස බලා සිටියේ කිනම් නැව පැමිනෙන තුරුද
(A) තෙල් නැව (B) පොහොර නැව (C)පොල් නැව (D) ඉහත සියල්ල

9. ඉතාමත් අහම්බයකින් සොයාගනු ලැබූ,.. 2009 වසරේ මානුශීය මෙහෙයුමේදී වඩාත්ම බාරදූර රාජකාරියක් ඉශ්ට කරනු ලැබුවේ..
(A)මහින්ද රාජපක්ශ (B) සරත් ෆොන්සේකා (C) ගෝටාභය රාජපක්ශ (D)රජිත හිරාන් චාමිකර

10. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහනය පිටුපස සිටි ප්‍රභලම හස්තය(A) සිදත් වෙත්තමුණි (B) රන්ජන් මඩුගල්ල (C) බන්දුල වර්ණපුර (D) ගංගා මෑණි

11. තිසර පෙරේරා ඕල්‍ රවුන්ඩර් වන ක්‍රීඩාව වන්නේ…

(A) දාං (B) කැරම් (C) පංච (D) හැංගි මුත්තං

12. ලංකාවේ චන්ද්‍රිකා ගැන දන්නේ
(A) රෝහිත රාජපක්ශ (B) වික්ටර් අයිවන් (C) සනත් ගුණතිලක (D)ඉහත සියල්ලම

13. නොගැලපෙන වචනය තෝරන්න
(A)සයිටම් (B) GMOA (C)අන්තරේ (D)ලතා වල්පොල

14. උතුරු කොරියාවට තම න්‍යශ්ටික වැඩ පිලිවෙල ඉදිරියට ගෙනයාමේදී ප්‍රභලම බාදකය වූයේ(A) රුසියාව (B) චීනය (C) ඇමරිකාව (D) ශ්‍රී ලංකාව

15. 2017 වසරේදී ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වූ ක්‍රීඩකයා
(A.) ලයනල් මෙසී (B) ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (C) නේමා (D) සනත් ජයසූරිය

 

(උපුටා ගැනීමකි)


News Articles
Latest Videos
Most Popular Post