News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

කාවිංග කසාද බඳියි. ශලනි සුභ පතයි. (PHOTOS)

792 Views


කාවිංග කසාද බඳියි. ශලනි සුභ පතයි. (PHOTOS)

කාවිංග පෙරේරා කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. කඩවසම් පෙනුමක්‌ තියෙන කාවිංගට තරුණියන්ගේ අාකර්ෂණයේ අඩුවකුත් නෑ. එ් නිසාමද මන්දා පහුගිය ටිකේ කාවිංගටත් කට කතා හැදුණා.

හැබැයි එ් කට කතා සේරම බොරුවක් කරලා කාවිංග එක හිතක් ළඟ නැවතිලා. එ් විතරක් නෙවෙයි ඊයේ කාවිංග එ් හිත සදහටම ඔහුගේ කර ගත්තා. මේ විදියට කාවිංගගේ හිත අයිති කර ගෙන තිබ්බේ සනායා. අැය වෘත්තියෙන් වෛද්‍යවරියක්.

ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාවිංගගේ සහ සනායාගේ මංගල සාදය තිබ්බා. මේකට ජනප්‍රිය නළු නිළියන් රැසක් අැවිල්ලා හිටියා. පහුගිය දවස් ටිකේ කාවිංගගේ නමත් එක්ක කට කතා පැතිරුණ ශලනි තාරකාත් ෆේස්බුක් එකේ කාවිංගට සුභ පතලා තිබ්බා.

සියත 24 අපිත් අලුත් ජෝඩුවට “සුභ මංගලම්” කියලා සුභ පතනවා. අනිත් තරුවලටත් අාදර්ශයක් වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඔවුන් දෙන්නට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post