News Line| Off Air
Generic placeholder image

Jan
9

කිලිටි වුන මුදල් නෝට්ටු ගෙදරදීම පිරිසිඳු කරගන්නේ මෙහෙමයි.

1067 Views


කිලිටි වුන මුදල් නෝට්ටු ගෙදරදීම පිරිසිඳු කරගන්නේ මෙහෙමයි.

සල්ලි. අද ලෝකයේ තියෙන වටිනාම දේ කිව්වත් වරදක් නෑ. මොකද අද කාලේ සල්ලි නැතුව කරන්න පුළුවන් මොනවද? හැබැයි ලංකාවේ සමහරුන්ට නම් මුදල් නෝට්ටුවක් කියන්නෙ නිකන් කඩදාසියක් විතරයි.

මුදල් නෝට්ටුවල දුරකතන අංක, පෙම්වතියගේ නම, මැතිවරණ අපේක්ෂකයන්ගේ නම් වගේ එක එක විකාර ලියනවා. එහෙම ලිව්වම වෙන්නේ මුදල් නෝට්ටුවේ තියෙන වටිනාකම අවලංගු වෙන එක. මේ අවුරුද්දේ ජනවාරි 01 ඉදන් එ් වගේ කුරුටුබලි ගාපු මුදල් නෝට්ටු භාවිතා කරන්න බෑ.

එ් වගේ මුදල් නෝට්ටු බැංකු වලට දීලා මාරු කර ගන්න කාලයක් දීලා තිබ්බා. දැන් එ් අවස්ථාවත් ඉවරයි. තාමත් ඔබට පෑන් ඉරි අැදපු මුදල් නෝට්ටුවක් ලැබුනොත් මොකද කරන්නෙ. බය වෙන්න එපා. මුදල් නෝට්ටුවේ පෑන් ඉරි යවන්න ක්‍රම 3 ක් තියෙනවා. මේ එක ක්‍රමයකින් පෑන් ඉරි යවලා අායිත් එ් මුදල් නෝට්ටුව භාවිතයට ගන්න.

(01) Acetone

මේ Acetone කියන Chemical එක Carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්. මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්. Nail Polish Remover එකේ Acetone අඩංගු වෙනවා. පුලුං ටිකකට මේ Acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා…කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය.

(02) Alcohol

Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න..ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා. කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ. මේකත් සාර්ථක ක්‍රමයක්

(03) Lime Juice

ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්. මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් ගොඩ දාගන්න ප්‍රමාණවත්.

 

*රු 1,000ක 5000ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි Acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ.

*මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇඳිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්.

*දෙහි යුෂ නැතිව අනිත් Chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට පාවිච්චි කරන්න.


News Articles
Latest Videos
Most Popular Post