ලංකාවේ යෝධ ව්‍යාපෘති දෙකන් ඊයේ විවෘත කරා. එකක් තමයි මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය. අනිත් එක රාජගිරිය ගුවන් පාලම විවෘත කරපු එක.
මහවැලි ව්‍යාපාරය කියන්නේ ලංකාවේ මෙච්චර කාලයකට කරපු දැවැන්තම ව්‍යාපෘතිය. එකෙත් විශාලම ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය නිසා ගංවතුර ප්‍රශ්නයට විසඳුමක් වගේම විදුලිබල ගැටලුවටත් පිළිතුරක් ලැබෙනවා. ඊයේ උදේ ජනාධිපතිතුමාගේ අතින් ජලාශය විවෘත කරා.
රාජගිරිය ගුවන් පාලම කියන්නේ ලංකාවේ දිගම ගුවන් පාලම. එ්කත් ඊයේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අතින් විවෘත කරා. වෙනදට ලොකු වාහන තදබදයක් රාජගිරියේ තිබ්බානේ. එ් නිසා පැය ගණන් මහ මඟ කට්ට කාපු අය ඕනෑ තරම් අැති. හැබැයි මීට පස්සේ එ් විදියට රස්තියාදු වෙන්න ඕන නෑ. ගුවන් පාලමෙන් උඩින්ම ගමන යන්න පුළුවන්.
මේ තියෙන්නේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සහ රාජගිරිය ගුවන් පාලමේ ඡායාරූප පෙළක්. බලන්නකො ඉහළ අහසට කොච්චර ලස්සනට මේ ව්‍යාපෘති දෙක පේනවද කියලා.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
රාජගිරිය ගුවන් පාලම