BMW සහ ඇපල් සමාගම්වල හිටපු සේවකයන් පිරිසක් නිර්මාණය කළ අලුත් මෝටර් රථයක් අමෙරිකාවේ දී එළිදක්වල තියෙනවා. ඒ ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී. මේ මෝටර් රථය ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්.
මේ මෝටර් රථය හඳුන්වන්නේ “බයිටන්” කියල. මෙම මෝටර් රථය විශාල ස්පර්ශ සංවේදක තිරයකින් ද සමන්විත වෙනවා. මේ මෝටර් රථයට තත්ත්පර 5ක කාලයක් තුළ, පැයට කිලෝ මීටර් 97ක වේගයකට ළඟාවෙන්න පුළුවන්.
2019 වසරේ දී මෙම මෝටර් රථය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව තමයි මේක එළිදැක්වීමේ උත්සවයේදී කිව්වේ.
https://youtu.be/HJ3l5V-7a3g