අලුත් වෙන ලංකාවේ ක්‍රිකට්වල සුක්කානම අද අලුත් නායකයෙක්ට බාර දුන්නා. අලුත් කිව්වට පරණ නායකයටම තමයි අායෙත් නායකතන්වය බාර දුන්නේ. එ් අැන්ජලෝ මැතිව්ස්ට.
ගිය අවුරුද්දේ බංගලාදේශය එක්ක තිබ්බ තරඟාවලියෙන් පස්සේ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වුණා. ඊට පස්සේ නායකයන් 4 දෙනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම ගියා. හතුරුසිංහ අාවට පස්සේ ඔහුට ස්ථීර නායකයෙක් ඉල්ලුවා.
එ් සදහා ඔහු යෝජනා කරලා තිබ්බේ මැතිව්ස් සහ චන්දිමාල්. මැතිව්ස් අාබාධයකට ලක්වෙලා හිටිය නිසා චන්දිට නායකත්වය දෙන්න හිටියේ. එ්ත් පෙරේදා තිබ්බ යෝග්‍යතා පරීක්ෂණයෙන් මැතිව්ස් සමත් වුණා. එ් නිසා මැතිව්ස්ට නායකත්වය දුන්නා කියලයි ක්‍රිකට් අායතනය කිව්වේ.
අද ක්‍රිකට් අායතනයේ තිබ්බ මාධ්‍ය හමුවේදී තමයි මේ බව කිව්වේ. එ් වගේම මැතිව්ස්ගේ සහයට චන්දිමාල් පත් කරලා තියෙනවා. එ් එක්දින කණ්ඩායමේ උප නායකත්වයට. 2019 ලෝක කුසලානය වෙනකන් මැතිව්ස්ට මේ වගකීම පැවරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වුණ ක්‍රීඩකයෙක් අායෙත් නායකත්වයට පත්වුන පළවෙනි අවස්ථාව මේක. කොහොම වුනත් අලුත් නායකයාටයි උප නායකයාටයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරණ තත්වයට ගේන්න හැකි වෙන්න කියලා සියත 24 අපි සුභ පතනවා.