News Line| Off Air
Generic placeholder image

Jan
10

අද සේවකයන් හෝ ප්‍රධානින් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

493 Views


අද සේවකයන් හෝ ප්‍රධානින් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 10 වන බදාදා

රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.18  සිට ප.ව 01.46  දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.18  සිට අලුයම 01.50 දක්වා

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

 

 

මේෂ ලග්නය

වෙනදට වඩා චිත්ත පීඩා හා මානසික අසහන ඇති වන දිනයක් බැවින් තම නිවාස හා වාහන පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. උසස් පුද්ගල ඇසුරට හා නව බලාපොරොත්තු ඇති කරගැනීමට සුභ දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

වෙනදට වඩා කායික ශක්තිය වැඩි වන දිනයක් වන අතර ජවසම්පන්නව සාර්ථකව තම වැඩ කටුයුතු කරගැනීමට හැකි වන දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු සහ තරඟ ආදියෙන් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව පවතිනවා. රිය ධාවනයේදී වඩා ප්‍රවේසම් වීම වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                    ජය අංකය: 03

මිථුන ලග්නය

නව ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සාර්ථක වන දිනයක් වන අතර නව මිතුරන් ඇති කරගන්නා දිනයක්. තාක්ෂණික මෙවලම් භාවිතයේදී ප්‍රවේසම් විය යුතු නමුත් තරඟ ආදියෙන් ජය ලබා ගත හැකි දිනයක්. වියදම් පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කහ පැහැය                     ජය අංකය: 07

 

කටක ලග්නය

මානසික පීඩා වැඩි දිනයක්  නිසා තමන් ගන්න තීරණ ගැන වඩා සැලකිලිමත් වීම වැදගත්. තනි තීරණ මත කටයුතු කිරීම අනතුරුදායක විය හැකියි. යාන වාහන හා ඉදිකිරීම් කටයුතු පිලිබඳව සුභ දිනයකි. තම සේවකයන් හෝ ප්‍රධානින් සමඟ කටයුතු කිරීමේදී වැඩ ප්‍රවේසම් විය යුතු දිනයක්.

ජය වර්ණය: ලා දම් පැහැය                                      ජය අංකය: 05

සිංහ ලග්නය

යහළු මිත්‍රාදීන්ගෙන් වන කරදර හානි වැඩි වන දිනයක් වන අතර තාක්ෂණික මෙවලම් භාවිතයේදී වඩා ප්‍රවේසම් වීම වැදගත්. පාද ආශ්‍රිත හා සන්ධිගත රෝගී තත්ත්ව වලින් ප්‍රවේසම් විය යුතු දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                    ජය අංකය: 08

කන්‍යා ලග්නය

සංචාරක කරමාන්තයේ යෙදෙන්නන්ට සුභ දිනයක් වන අතර අන් අයගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන දිනයක්. අලෙවිකරණයට සුභ වන අතර නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම තුලින් වැඩිපුර වාසි ලබාගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                     ජය අංකය: 08

 

තුලා ලග්නය

තාම අරමුණු කර යාමේදී අවශ්‍ය උසස් පුද්ගල ඇසුර හා උදව් ලැබෙන දිනයක්. සතුටින් ගෙවෙන දිනයක් වන අතර යාන වාහන හා වාසස්ථාන සම්බන්ධව ඉතාම සුභ දිනයක්. සහෝදරයන් සම්බන්ධව ප්‍රශ්න ඇති විය හැකි දිනයක් බැවින් ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත්.

ජය වර්ණය: විසිතුරු පැහැය                    ජය අංකය: 07

 

 

වෘශ්චික ලග්නය

 

ආදායමට වඩා වියදම් වැඩිවන දිනයක් වන බැවින් වියදම් පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත්. ගමන් බිමන් වලින් ඈත්ව සිටීම යෝග්‍ය වන අතර එමගින් දී සෞඛ්‍ය පීඩා ඇතිවිය හැකි දිනයක්. සමාජ ගැරහුමට පවා පාත්‍ර වීමට ඉඩ ඇති දිනයක් වන නිසා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා දම් පැහැය                             ජය අංකය: 09

 

 

ධනු ලග්නය

තීරණ ගැනීමේදී ගැටළු මතු වියහැකි අතර තමන් අතපසු කල වැඩ සම්බන්ධව චෝදනා ලැබිය හැකි දිනයක්. සමාජ අගෞරවයට වුවද පාත්‍ර වියහැකි දිනයක් වන නිසා කලකිරුණු ස්භාවයෙන් දිනය ගෙවෙයි. ඉවසිලිවන්ත වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                               ජය අංකය: 03

 

 

මකර ලග්නය

සෞඛ්‍ය පීඩා හා ව්‍යාපාර ගැටලු ඇතිවන දිනයක්. සතුරු කරදර වෙනදට වඩා වැඩි වන දිනයක් වන අතර තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව සුභ දිනයකි. නව මිතුරන් ඇති වන දිනයක් වන අතර තාක්ෂණික අංශ වලින් වැඩි ධනයක් උපයාගත හැකි දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                           ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

වෙළඳාම් කටයුතු හා භූමිය සම්බන්ධ කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයක්. රාජ්‍ය සේවයේ නියුතු වන්නන්ට සුභ දිනයක්. පාද හා කොන්ද ආශ්‍රිත රෝග සම්බන්ධව ප්‍රවේසම් වීම වැදගත්. වඩාත් කාර්යබහුල වන දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                    ජය අංකය: 08

 

 

මීන ලග්නය

වෙළඳ කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර වැඩි වගකීම් පැවරීම තුල රැකියා ස්ථානයේ පවා ගැටලු ඇතිවිය හැකි දිනයක්. ඒ නිසාම මානසික පීඩා හා අන් අය සමඟ ඇතිවන ප්‍රශ්න උග්‍ර වන දිනයකි. දෙවරක් සිතා බලා කටයුතු කිරීම වඩා වැදගත්.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post