News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

උතුරු කොරියාවයි, දකුණු කොරියාවයි එකතු වෙයි.

657 Views


උතුරු කොරියාවයි, දකුණු කොරියාවයි එකතු වෙයි.

නයි මුගටි වුනත් යාලු වෙන වෙලාවල් තියෙනවා නේ. ඉතිං දකුණු කොරියාවටයි උතුරු කොරියාවටයි යාලු වෙන්න බැරිද? දැන් කැත්තට පොල්ල වගේ හිටියට ඉස්සර එ් දෙගොල්ලෝ ගහට පොත්ත වගේ.

කොහොම වුනත් අවුරුදු 2 කට පස්සේ අායෙත් උතුරු කොරියාවයි දකුණු කොරියාවයි එක මේසෙක වාඩි වෙලා සාකච්ඡා කරා. එ් පෙබරවාරිවල දකුණු කොරියාවේ තියෙන ශීත ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවේ කණ්ඩායමක් යවන්න.

දෙරටේ දේශසීමාවේ පිහිටලා තියෙන “පන්මුන්ඩොම්” කියන තාවකාලික සටන් විරාම ගම්මානයක් තියෙනවා. එ්කේ තියෙන “සාම නිවස” ගොඩනැගිල්ලේ තමයි සාකච්ඡා තිබ්බේ. දෙපැත්තෙන්ම 5 දෙනා බැගින් සාකච්ඡාවට වාඩි වුණා. දෙරටේම සම්පූර්ණ අාරක්ෂාවත් මේ සාකච්ඡාවට දීලා තිබ්බා.

සාකච්ඡා ඉතාම සාර්ථක වුණා කියලයි දෙපැත්තෙම අය කිව්වේ. කතාවක් තියෙනවානේ ක්‍රීඩාව හතුරෝ මිතුරු කරනවා කියලා. එ් කතාව අැත්ත කියලා මේ සිදුවීමෙන් ඔප්පු වුනා.


News Articles
Latest Videos
Most Popular Post