2015 ජනවාරි 08 වෙනිදා පත්වුන මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර යන්න ඕන කවදාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා තිබ්බා. එ්කට හේතු වුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය.
පරණ ව්‍යවස්ථාව අනුව 6 න් යනවද අලුත් ව්‍යවස්ථාව අනුව 5 න් යනවද කියලා තමයි දැන් ප්‍රශ්නය තියන්න. ජනවාරි 14 වෙනිදාට තීරණයක් දෙන්න කියලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා තිබ්බා. මේ ගැන කරපු විග්‍රහයක් Facebook එකෙන් අපිට හම්බුණා. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා තමයි මේ විග්‍රහය කරලා තිබ්බේ.
මේ තියෙන්නේ එ් සටහන…
(සංවාදයට විවෘතයි)
ධුරකාල හුටපටය
තමන්ගේ ධුරකාලය අවුරුදු හයක්ද පහක්ද කියලා මේ හදිස්සියේ දැන ගන්න මෛත‍්‍රීට තියන උවමනාව මොකද්ද- ඔව් මේක දැන් දැවෙන ප‍්‍රශ්නයක්නේ.
ඇත්තටම ඒ ඇයි;
“ආසියායි (A), හේරයි (K), බූරුවයි (J) අතේ තියාගෙන ගේම් එක ප්ලේ කරන මිනිහෙක් ‘පොරව’ (Q) තියන තැන තහවුරු කරගන්න, අතේ තියන හේරා ගහනවා. ඒකෙදි පොරව වැටුණොත් වල්වාසිත් ගොඩදාගෙන ඉස්සරහට ගේම් එක ප්ලේ කරනවා. බැරිවෙලාවත් පොරෙව වැටෙන්නැතුව වටේ ගියොත්, ඒත් ඒ හේරාගේ වාසිය අරගෙන බූරුවා ප්ලේ කරලා වාසියක් ගන්න එක ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. ඒත් උවමනා වෙලාවක ගහන්න ආසියා අතේ තියනවා. බූරුවා ගැන කල්තියා පරිස්සමක් හදාගන්න පුළුවන්.”
කොහොම වුණත් ධුරකාල හුටපටය සම්බන්ධයෙන් පේන්න තියන විදිහට වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.;
ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30(2). ව්‍යවස්ථාව සහ අන්තර්කාලීන විධිවිධාන 49 (1). ආ. ව්‍යවස්ථාව දෙක එකට කියවලා ජනාධිපති ධුර කාලය 2020 ජනවාරි 9 වැනිදායින් අවසන් වන බවත් මැතිවරණය 2019-11-09 සහ 2019-12-09 අතර දිනකදී පැවැත්විය යුතු බව නියෝග කිරීම.,
හෝ:;
ජනවරම පවරාදෙනු ලැබූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 19 වන සංශෝධනයක් පැණ නොනැගුණු පසුබිමක් තුළ නිසාද ජනතාව ජනවරම ලබා දී ඇත්තේ එදිනට වලංගු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ප‍්‍රකාරව බව ද ජනාධිපතිවරයකුගේ බලය නීති විරෝධී ලෙස දීර්ඝ කර ගැනීමට නොහැකි වන්නා සේම ජනතා අභිලාෂයන් උල්ලංඝනය කරමින් එම ධුර කාලය කෙටි කර ගැනීමේ අවස්ථාවක්ද නැත්තේය යන පදනමක් මත 2015-01-09 දින සිට වසර හයක් එනම් 2021-01-09 දක්වා වසර හයක් ධුරය දැරිය හැකි බවත් මැතිවරණය 2020-11-09 සහ 2020-12-09 අතර දිනකදී පැවැත්විය යුතු බවත් නියෝග කිරීම.
සහ; ඊට අමතරව
ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 30(3අ)අ.1. ව්‍යවස්ථාව අනුව තමා යළිත් පත් කර ගන්නා ලෙස ජනතාවගෙන් අභියාචනා කිරීමේ බලය 2019 ජනවාරි 9 වැනිදා හෝ ඉන් පසු ජනාධිපතිවරයාට අභිමතයක් නිර්මාණය වන බවත්., එම අභිමත බලය ධුර කාලය සම්බන්ධයෙන් වන ප‍්‍රශ්නය හා එකිනෙක ස්වායක්තව කියවා ගත යුතු බවත් සිහිපත් කිරීමය.
මේ උඩින් අතගාගෙන යන විට ඇති ප‍්‍රතිපාදන. මේක සාරවත් සංවාදයක් කරන එක විනිශ්චායාසනයේත් නීතීඥවරුන්ගේත් පාර්ශවකරුවන්ගේත් මත තීරණය වෙනවා. කොහොම නමුත්, තීන්දුවක් කුමක් වුවත් ඓතිහාසික ලියවිල්ලක් විදිහට නීති ඉතිහාසයට එක්වෙන තීන්දුවක් වෙනවා.
#myOpinion #lka #President #Term #SC
Reference:
Article 30 (2). The President of the Republic shall be elected by the People, and shall hold office for a term of five years.
Article 31(1).(3A) (a) (i) Notwithstanding anything to the contrary in the preceding provisions of this Chapter, the President may, at any time after the expiration of four years from the commencement of his first term of office, by Proclamation, declare his intention]] of appealing to the People for a mandate to hold office,
Transitional Provisions No. 49. (1) For the avoidance of doubt it is hereby declared that,-
(b) the persons holding office respectively, as the
President and Prime Minister on the day preceding
April 22, 2015 shall continue to hold such office
after such date, subject to the provisions of the
Constitution as amended by this Act;