News Line| Off Air
Generic placeholder image

Jan
10

නිදහස සමරන්න බ්‍රිතාන්‍යයේ කුමරෙක් ලංකාවට එයි?

672 Views


නිදහස සමරන්න බ්‍රිතාන්‍යයේ කුමරෙක් ලංකාවට එයි?

පෙබරවාරි 04 කියන්නේ ලංකා ඉතිහාසයේ වැදගත් දවසක්. ඉතිහාසය පුරාම විවිධ ජාතීන්ට සැරින් සැරේ ලංකාව යටත් වෙලා හිටියා. අන්තිමටම ලංකාව යටත් වුනේ බ්‍රිතාන්‍යට.

බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලංකාව නිදහස් වෙලා වසර 70 ක් මේ අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට සපිරෙනවා. මේ සැරේ නිදහස් උළලේ ප්‍රධාන අාරධිතයා වෙන්නේ එළිසබත් මහ රැජිනගේ පුතෙක් වුන එඩ්වඩ් කුමරු. එඩ්වඩ් කුමරු වෙසෙක්ස් වල අර්ල්වරාත් වෙනවා.

විදේශ කටයුතු අාමාත්‍යංශය හරහා තමයි බ්‍රිතාන්‍ය රජ පවුලට අාරාධනා පත්‍රය යවලා තියෙන්නේ. ඔවුන් අාරාධනා පත්‍රය නිල වශයෙන් පිළිගත් බව දැනුම් දීලා තියෙනවා. 1998 දී පැවැත්වුණ 50 වැනි නිදහස් උළෙලට සහභාගී වුනේ චාල්ස් කුමාරයා.


News Articles
Latest Videos
Most Popular Post