News Line| Off Air
Generic placeholder image

Jan
11

අද මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

578 Views


අද මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය: දිවා කාලය දහවල් දහවල් 01.46 සිට ප.ව 03.15 දක්වා, රාත්‍රී කාලය සඳහා අලුයම 01.50  සිට 03.22 දක්වා

සුභ දිශාව:  නිරිත, ඊසාන සහ බස්නාහිර 

 

 

 

 

මේෂ ලග්නය

අධ්‍යාත්මික ශක්තිය, යුක්ති සහගත බව, අවංකබව වෙනදට වඩා ඉස්මතු වන දිනයක්. දෙමව්පියන්ට, තම දරුවන්ට හා යහළුවන් උදෙසා වෙනදට වඩා මහන්සි වන දිනයක්. ආදායම වැඩි වන දිනයක්. අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට ඉතා සුභ දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                               ජය අංකය: 07

වෘෂභ ලග්නය

සිතෙහි පීඩා වැඩි දිනයක් වන බැවින් ආගමානුකුලව දවස ආරම්භ කිරීම වැදගත්. ඉවසිලිවන්ත වීම වැඩ වැදගත්. සෞඛ්‍ය පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුයි. කාර්මික හා කෘෂිකාර්මික වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්.

ජය වර්ණය: තැඹිලි පැහැය                                ජය අංකය: 06

මිථුන ලග්නය

නිර්මාණ ශක්තිය, රැකියාවේ සාර්ථකත්වය හා ඔබට ඉතා වාසි ගෙනදෙන දිනයක් වන අතර මංගල යෝග ඇති වන දිනයක්. අන් අය වෙනදට වඩා ඔබට ආකර්ෂණය වන දිනයක්. ඔබේ පෙනුම තුලින් තම වැඩ කටයුතු සාර්ථක කරගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                          ජය අංකය: 05

 

කටක ලග්නය

කණ්ඩායම් හැඟීම, නායකත්ව ගුණාංග වැඩි දියුණු වන දිනයක්. තම පවුල හා යහළුවන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වන දිනයක්. වැඩිහිටියන්ගේ ආශිර්වාදය තුල කරන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වන දිනයක්. සිතෙහි සතුට වෙනදට වඩා වැඩි වන ඉතාම සුභ දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය               ජය අංකය: 04

සිංහ ලග්නය

අන් අය පාලනය, තීක්ෂණ නුවණ හා සාර්ථක තීරණ තුලින් දවස සාර්ථක කරගත හැකියි. මව් පිය උරුමය ලැබීම් හා අන් අය සතු දේපල භාවිතය ලබාදෙන දිනයක්. පෞරුෂය හා නිර්භීත බව තුළින්ද, තම බුද්ධියෙන්ද වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගත හැකි දිනයක්.                     

ජය වර්ණය: රන්වන් පැහැය                            ජය අංකය: 03

කන්‍යා ලග්නය

වාචිකව අන් අය ආකර්ෂණය කරගැනීමට හැකි, චතුර ලෙස ඔබේ භාෂා දැනුම වැඩි වන දිනයක්. සමාජ සේවා වල නියුතු වීමට හා ඒවා හැසිරවීමට කැමැත්තක් දක්වන දිනයක්. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාත්මීක ශක්තිය වැඩි වර්ධනය කරගැනීමට පියවර ගැනීම ඉතා වැදගත්.

ජය වර්ණය: ලා කොළ පැහැය                        ජය අංකය: 02

 

තුලා ලග්නය

නව ව්‍යාපාර ආරම්භයට හා අලුත් දේවල් නිපදවීමට ඉතා සුභ දිනයක්. ව්‍යාපාර වලින් අධික ආදායම් ලැබිය හැකි දිනයක්. අතපසු වුනු වැඩක් ආරම්භ කිරීමට සුභ දිනයක්.

ජය වර්ණය: ලා තැඹිලි පැහැය                           ජය අංකය: 01

 

 

වෘශ්චික ලග්නය

 

අනුන්ට පිහිටවීමට වෙනදට වඩා වැඩි ඇල්මක් දක්වන දවසක්. කතාව තුලින් මෙන්ම තම පෞරුෂයෙන් අන් අයගේ සිත් දිනාගැනීමට හැකිවන දිනයක්. මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් වීම වැදගත්.

ජය වර්ණය: ලා රතු පැහැය                   ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ආදර්ශවත් චරිතවත් බව මෙන්ම යහපත් හැසිරීම තුල වෙනදට වඩා ඔබව කැපී පෙනෙන දිනයක්. ඉහළ ආදායම් පවතින දිනයක්. නායකත්ව ගුණාංග තුල සාර්ථක දිනයක් ගත කල හැකිය.

ජය වර්ණය: ලා ගුරු පැහැය                             ජය අංකය: 03

 

 

මකර ලග්නය

ඔබට ඉතා ජවසම්පන්න දිනයක් වන අතර ආත්මශක්තිය හා තම පෞරුෂය තුළින් දවස සතුටින් ගෙවිමේ හැකියාව ලැබෙයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. රැකියා කටයුතු සාර්ථක වන දිනයක් වන අතර රැකියා උසස්වීම් ලැබෙන දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                 ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

පැරණි භාණ්ඩ එකතු කිරීමට මෙන්ම සංරක්ෂණයට වැඩි ඇල්මක් දක්වයි. ලේඛනයට හා නිර්මාණ කටයුතු වලින් සාර්ථක වීමේ හැකියාව පවතින දිනයක්. සිතා බලා ගන්නා නිවැරදි තීරණ මත දවස සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                             ජය අංකය: 09

 

 

මීන ලග්නය

විනිවිදභාවය හා ගාම්භීර බව තුල අන් අයගේ වැඩි ආකර්ෂණය ලැබෙන දිනයකි. සොර සතුරු උවදුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වීම වැදගත්. අන් අය ආශ්‍රයේදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත් වන අතර මත්පැන් භාවිතය නුසුදුසුම දිනයක්. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: රතු කහ මිශ්‍ර වර්ණය                            ජය අංකය: 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යු. ලියනගේ  

දුරකථන අංකය:  011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post