News Line| Off Air
Generic placeholder image

Jan
11

හතුරුසිංහ, කැලේ පිපුණු මල් ජාත්‍යන්තරයට ගෙන යයි. ලංකා කණ්ඩායමට කැඳවූ සුපිරි පන්දු යවන්නන් දෙන්නා මෙන්න.

1449 Views


හතුරුසිංහ, කැලේ පිපුණු මල් ජාත්‍යන්තරයට ගෙන යයි. ලංකා කණ්ඩායමට කැඳවූ සුපිරි පන්දු යවන්නන් දෙන්නා මෙන්න.

බංගලාදේශ සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් බලඅැණිය නම් කරලා තියෙනවා. මේ සංචිතයට නම් කරපු ක්‍රීඩකයින් දෙන්නෙක් ගැන ගොඩක් අය කතා බහ කරනවා. එ් ෂෙහාන් මධුශංක සහ වනිඳු හසංරග ගැන.

ෂෙහාන් මධුශංක කියන්නේ ජාතික සංචිතයට අලුතින්ම නම් කරපු ක්‍රීඩකයෙක්. එක පාරටම ඔහුව සංචිතයට තෝරපු එක ගැන මාධ්‍යවේදීන් ක්‍රිකට් මාධ්‍ය හමුවේදී අැහුවා. ෂෙහාන්ගේ තියෙන වේගය කිසිම පුහුණුකරුවෙක්ට දෙන්න බෑ කියලයි හතුරුසිංහ එේ වෙලේ කිව්වේ. තමන්ගේ දිගු කාලීන සැලැස්මක් නිසා ෂෙහාන්ව සංචිතයට ගත්තා කියලා හතුරු කිව්වා.

ෂෙහාන්ට පැයට කිලෝමීටර් 140 වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන්. 2019 ලෝක කුසලානය තියෙන්නේ එංගලන්තයේ. එංගලන්තයේ තියෙන පිට්ටනිවල තණතිල්ල වැඩියෙන්ම වාසිදායක වේග පන්දු යවන්නන්ට. එ් නිසා හතුරුසිංහගේ සැලැස්ම වෙලා තියෙන්නේ ලෝක කුසලානයට වේග පන්දු යවන්නන් 7 දෙනෙක් සූදානම් කරන එක. එ් නිසා තමයි බංගලාදේශ සංචාරයට ෂෙහාන්ව තෝරාගෙන තියෙන්නේ.

තුන්කොන් තරඟාවලිය වෙනුවෙන් නම් කරපු 23 දෙනාගේ සංචිතයේ වනිඳු හසරංග හිටියේ නෑ. එ නිසා ඔහුව සංචිතයට නම් කරපු හේතුවත් තේරුම් කමිටුවේ සභාපති කිව්වා.

ජෙෆ්රි වැන්ඩර්සේ තමයි මුලින්ම තරඟාවලියට යවන්න ඉදලා තියෙන්නේ. එ්ත් අාබාධයක් නිසා ජෙෆ්රිට එ් අවස්ථාව අහිමි වෙලා. එ් නිසා පා දඟ පන්දු යවන්නෙක් වුන වනිදු ගැන අවධානය යොමු කරලා තියෙනවා. මූලික සංචිතයට වනිඳුගේ සොහොයුරා වුන චතුරංගද සිල්වා නම් කරත් වනිඳු අැතුලත් වුනේ නෑ.

නමුත් මේ දවස්වල පැවැතුවෙන දේශීය පළමුපෙළ තරඟාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට දස්කම් දක්වන්න වනිඳු සමත්වුණා. එ් වගේම තමන්ගේ පළමු ජාත්‍යන්තර තරගයෙන්ම කඩුලු ත්‍රිත්වයක් අරන් කණ්ඩායම දිනවන්න ඔහුට පුළුවන් වුණා. එ් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. එ් නිසා තුන්කොන් සටනට වඩාත් සුදුසුම දඟ පන්දු යවන්නා ඔහු.


News Articles
Latest Videos
Most Popular Post