මත්පැන් විකුණන එක හදන එක ගොඩක් වෙලාවට කරන්නේ පිරිමි අය. හැබැයි හොරෙන් හොරෙන් සමහර කාන්තාවන් මත්පැන් හදලා විකුණනවා.
එ් වුනත් ලංකාවේ සංස්කෘතියට අනුව නම් කාන්තාවෝ මත්පැන් වලට සම්බන්ධ වෙන එක සුදුසු දෙයක් නෙවෙයි. ලංකාවේ නීතියෙත් මෙච්චර දවසක් කාන්තාවන් මත්පැන් නිශ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කරන එක තහනම්.
හැබැයි මංගල අැමතිතුමා ඊයේ එ්කට අවසර දුන්නා. මුදල් හා ජනමාධ්‍ය අැමතිතුමා ඊට අදාල ගැසට් එකත් ඊයේ අත්සන් කරයි. එ් නිසා දැන් මත්පැන් නිශ්පාදනය කරන සහ අලෙවි කරන තැන්වල වැඩ කරන්න කාන්තාවන්ටත් පුළුවන්. කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නත් මේ ගැසට් එකෙන් අවසර දුන්නා.
මත්පැන් නිසා වැඩියෙන්ම දුක් විදින්නේ කාන්තාවන්. සැමියා කණමදයා වගේ බීගෙන අාවාම ගුටි කන්නයි කන්න දෙන්නයි ඕන කාන්තාවෝ. එ් නිසා මේ තීරණයට ලංකාවේ කාන්තාවෝ මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නෑ.