වර්තමාන පරපුරේ අයගේ අදහස් නිතරම වගේ හුවමාරු වෙන තැනක් විදිහට Facebook මේ වෙද්දී පත්වෙලා තියෙනවා. ඒ අතරේ නිර්මාණාත්මක දෙයක් දැක්කොත් අනිවාර්යෙන්ම සියත 24 අපේ වෙබ් අඩවියේ ඒකට අවස්ථාවක් දෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. අපේ වෙබ් අඩවියේ #Trending විශේෂාංගය වෙන්කරන්නේ ඒ වගේ නිර්මාණාත්මක අදහස් වෙනුවෙන්.
අද Facebook එකේ උඩ, පහළ යද්දී අපට මුණගැහුන තවත් එක නිර්මාණාත්මක Status Update එකක් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ බැරිවෙලාවත් එදා ඉංග්‍රීසින් ලංකාව යටත් කර නොගෙන, ලංකාව එංගලන්තය යටත් කර ගත්තා නම් අද එංගලන්තයේ මෙහෙම දේවල් දකින්න තිබුණා…. කියලයි.
බැරිවෙලාවත් එදා ඉංග්‍රීසින් ලංකාව යටත් කර නොගෙන, ලංකාව එංගලන්තය යටත් කර ගත්තා නම් අද එංගලන්තයේ මෙහෙම දේවල් දකින්න තිබුණා…..
පීට්සා හට් වෙනුවට තලප දන්සල තියෙයි…
” වික්ටෝරියාස් සීක්‍රට්” වෙනුවට “ඩිංගිරි මැණිකෙගෙ රහස” කියලා අමුඩ රෙදි මහන තැනක් තියෙන්න තිබුණා…
“සිංහල දින හතෙන් මුළ සිට සරලව උගන්වන සිංහල පුහුණු කඳවුර”
එංගලන්තෙ ඉහළ පැලැන්තියෙ කෙල්ලෝ ” නෝ සීරියස්ලි…?…..ආ යූ සීරියස්…..?…..ලයික් ෆො රියල්?…” …. වගේ ඒවා යෙදිය යුතු තැන් වෙනුවට “නෑ…..සත්තයි….?……..අයියණ්ඩි සත්තයි ඔය දොඩන්නෙ…?…..” වගේ වචන කියන එක උසස් දෙයක් විදියට සළකයි….
“හැරී පොටර්” කියලා මායාකාරයෙක් වෙනුවට “නුගවෙල නයිදේ” කියලා කට්ටඩියෙක් ගැන පොත් ලියවෙන්න තිබුණා….
“යුවර් එක්සලන්සි, ඔනරබල් ” වගේ ඒවා වෙනුවට “අවසර පස්වාන් දහසකට” කියලා ජාත්‍යන්තර ලියුම් පටන් ගන්න තිබුණා…
“රෝයල් මේල්” වෙනුවට “මහ වාසල පයිංඩක්කාර මඩුව” කියලා එකක් තියෙන්න ඉඩ තිබුණා…..
“දැට් ඊස් සෝ කූල් / ඕසම් ” වෙනුවට “අප්පුච්චේ ඒක හරි ජාති නොවෑ” කියන්න ඉඩ තිබුණා…..
“බැරිස්ටර්” වෙනුවට “මහ නඩු කියෝන රටේ රාළ” කියලා එකක් තියෙන්න තිබුනා…..
“ප්‍රින්සස් ඩයනා” වෙනුවට “සුදු බණ්ඩාර බිසව” කියලා කෙනෙක් දෝලාවකින් වැටිලා මැරෙන්න ඉඩ තිබුණා…..
“මැන්චෙස්ටර් යුනයිටඩ්” වෙනුවට “මහයියා දෙණියේ ගැටවුන්නේ උඩු පිළ” කියලා එකක් තියෙන්න තිබුණා…..
“බකිංහැම් පැලස්” වෙනුවට “බිසෝ බණ්ඩාර හත් කට්ටුව වැඩ හිටින මාළිගාව” වෙන්න තිබුණා….
“කේම්බ්‍රිජ් යුනිවසිටි” වෙනුවට “කොහුකුඹුවෙ නැකැත් මඩුව” කියලා එකක් තියෙන්න තිබුණා…
“කිරි හොඳා, අංකුටු නයිදෙ, පිංගලයා එකා, බිසෝ මැණිකා, ළමාහාමි ” වගේ නම් එහේ ඉහළ පවුල් වල ළමයින්ට වැටෙන්න ඉඩ තිබුනා…