News Line| Off Air
Generic placeholder image

Jan
12

අද ලග්න දෙකකට රැකියා කටයුතු සාර්ථක වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

629 Views


අද ලග්න දෙකකට රැකියා කටයුතු සාර්ථක වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 12 වන සිකුරාදා

රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.50 සිට දහවල් 12.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.46 සිට අලුයම 12.19 දක්වා

සුභ දිශාව: උතුර

මාරු සිටින දිශාව: ගිනිකොණ 

 

 

 

 

මේෂ ලග්නය

චිත්ත පීඩා වැඩි වන දිනයක් වන අතර තමන් කරන යහපත අයහපත බවට පත්වීමේ තත්ත්ව ඇතිවනවා. වැඩිහිටියන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. සමාජ ගෞරවයට පාත්‍ර වීමේ වාසනාව පවතින අතර උසස් පුද්ගල ඇසුර ඇතිවන සුභ දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                               ජය අංකය: 07

වෘෂභ ලග්නය

මතභේද මත යහළු මිත්‍රාදීන් හා හවුල් ව්‍යාපාර වල ප්‍රශ්න ඇතිවිය හැකි දිනයක්. කොන්ද හා පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. ඉවසිලවන්තවීම වඩා වැදගත් වන අතර ප්‍රවේසමෙන් වැඩ කටයුතු හසුරුවාගත යුතු දිනයක්.

ජය වර්ණය: ලා දම් පැහැය                                 ජය අංකය: 05

මිථුන ලග්නය

කායික ශක්තිය වර්දනය වන සිතෙහි සතුට වැඩි වන දිනයක්. අසල්වාසීන්ගේ උදව් උපකාර ලැබෙන හවුල් ව්‍යාපාර වලින් වැඩි ලාභ ලැබෙන දිනයක්. ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලින් සාර්ථකත්වය උදාකරගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                             ජය අංකය: 07

 

කටක ලග්නය

මනස වියවුල් ස්භාවයක් ගන්නා දිනයක් වන මුත් ලිපි ලේඛන කටයුතු වලට ඉතා යහපත් දිනයක්. තරඟ ජයග්‍රහණ ලැබෙන හා දරුවන් වෙනුවෙන් වෙහෙසීමට වන දිනයක්. කෝපය අඩුකරගෙන ඉවසිලිවන්ත වීම තුල දවස ගතකිරීම ඉතා වැදගත්.

ජය වර්ණය: ලා දම් පැහැය                              ජය අංකය: 05

සිංහ ලග්නය

තම පවුල පිලිබඳ වදී අවධානයක් යොමු කලයුතු දිනයක් වන අතර තරග තුළින් නියත ජය ලබාගත හැකි දිනයක්. සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වන අතර නව යහළු මිත්‍රාදීන් ඇතිවන දිනයක්.  

ජය වර්ණය: ලා කහ පැහැය                            ජය අංකය: 03

කන්‍යා ලග්නය

නිවාස ආශ්‍රිත කටයුතු, ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු, අධ්‍යාපන කටයුතු හා සංචාරක අංශයේ කටයුතු වලට ඉතා සුභ දිනයක්. වියදම් කිරීමේදී වැඩ සැලකිලිමත් විය යුතු දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                             ජය අංකය: 03

 

තුලා ලග්නය

කාය ශක්තිය වර්ධනය වන අසල්වාසීන් වෙනුවෙන් වෙහෙසන දිනයක්. සංචාරක කටයුතු, තරග හා තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට ඉතා සුභ දිනයක්. තම පෞරුෂය මත රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                          ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

යහපත කරන මුත් චෝදනා හා අපහස විදීමට ඉඩ ඇති දිනයක්. එබැවින් කල්පනාකාරීව ඉවසිලිවන්තව වැඩ කිරීම වඩා වැදගත්. වියදම් වැඩි වන අතර කොන්ද හා පාද ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්.

ජය වර්ණය: ලා දම් පැහැය                    ජය අංකය: 02

 

 

ධනු ලග්නය

පුද්ගලයන් සම්භන්ධ කටයුතු වලදී, විශේෂයෙන්ම මානව සම්පත කළමනාකරණයේදී වැඩ කාර්යබහුල වන දිනයක්. අනුන්ගේ වගකීම තමන් වෙත පැවරීම තුල කාර්යබහුල හා ප්‍රශ්න ඇතිවිය හැකි දිනයක්. මව්පස නෑදෑයින් සමඟ ප්‍රශ්න ඇති විය හැකි දිනයක් වන අතර නිවැරදි තීරණ ගැනීම හා ඉවසිලිවන්ත වීම වැඩ වැදගත්.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                               ජය අංකය: 05

 

 

මකර ලග්නය

වැඩ ඇතපසු වන හා වැඩ කල්දැමීමට සිදුවන දිනයකි. කැඩුම් බිඳුම්, දණහිස් රෝග  හා තුවාල ඇති විය හැකි දිනයකි. ප්‍රවේසම් වීම හා ඉවසීම ඉතා වැදගත්. ජලජ පරිසරයක වාසය කිරීම ඉතා සුභයි.

ජය වර්ණය: ලා නිල් පැහැය                              ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

රැකියාවේ ප්‍රශ්න අඩු වන සිතේ නිදහස වෙනදට වැඩ වැඩි වන දිනයක්. ඉදිකිරීම් අංශයේ නියුතු වන්නන්ට හා ඉංජිනේරුවන්ට වඩා වැඩි ලාභ ඉපයිය හැකි දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් නිල් පැහැය                                ජය අංකය: 07

 

 

මීන ලග්නය

රැකියා කටයුතු සාර්ථක වන ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු හා මුල්‍ය පරිපාලනය සම්බන්ධ කටයුතු සාර්ථක වන ඉතාම යෝග්‍ය දිනයක්. වැඩි වශයෙන් අන් අයගේ උදව් ලැබෙන, රැකියා ප්‍රශ්න අඩු වන, සමාජ ගෞරවය ලැබෙන දිනයක්. අතපසු වුනු වැඩක් නැවත ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයක්.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                               ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක   

දුරකථන අංකය:  076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post