එක්දින සහ විස්සයි විස්ස තරඟවල නායකත්වයට පහුගියදා අැන්ජලෝ මැතිව්ස් පත් කරා. එ්කෙදි මැතිවස් කිව්වේ “හතු අයියායි, Chairman කතා කරලා කිව්වම තමයි මං මේක බාර ගත්තේ” කියලා.
කොහොම වුනත් මැතිව්ස් හතුරුසිංහට “හතු අයියා” කියපු එකට සමහරු නම් කැමති වුනේ නෑ. මොකද හතුරුසිංහ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු. එ් කියන්නේ ක්‍රීඩකයින්ගේ ගුරුවරයා. එ් නිසා ඔහුට නිසි ගෞරවය දීලා කතා කරන්න ඕන කියලයි ගොඩක් අය කිව්වෙ.
එ් ගැන බුකියේ පළකරපු අපූරු පෝස්ට් එකක් අපිට හම්බුණා. මැතිව්ස් එදා කරපු කතාව වගේම ප්‍රවීණ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වුන කුමාර ධර්මසේන කියපු කතාවකුත් තියෙනවා. “මහේලයි මමයි යාළුවෝ. එත් මම අම්පයර් කරන පළවෙනි වතාවේ මහේල බැට් කරන්න අැවිත් ඉල්ලුවෙ “Leg Stump SIR” කියලා” ධර්මසේන කියලා තිබ්බේ එහෙමයි.
කොච්චර හොඳ යාලුවෙක් වුනත් මහේල, ධර්මසේනට එ් වෙලාවේ දෙන්න ඕන ගෞරවය දුන්නා. නියම මහත්මා ගුණය කියන්නේ එ්ක.