News Line| Off Air
Generic placeholder image

Jan
13

ක්‍රීඩා අැමති අධ්‍යාපන සුදුසුකම් නෑ කිව්ව ලසිත් මාලිංග විශ්ව විද්‍යාල දේශකයෙක් වෙලා.

1077 Views


ක්‍රීඩා අැමති අධ්‍යාපන සුදුසුකම් නෑ කිව්ව ලසිත් මාලිංග විශ්ව විද්‍යාල දේශකයෙක් වෙලා.

ක්‍රීඩකයෙක් වුනාම ක්‍රීඩා කෞෂල්‍ය වගේම හොද අධ්‍යාපනයකුත් තියෙන්න ඕන. එතකොට තමයි වඩාත් සාර්ථක ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ. එ්කට හොදම උදාහරණය තමයි කුමාර සංගක්කාර.

හැබැයි ඔබ කවුරුත් නොහිතපු තවත් එ් වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. එ් තමයි ලසිත් මාලිංග. කොණ්ඩය වවලා, පච්චයක් ගහලා ඉන්න නිසා ගොඩක් අය හිතන්නේ මාලිංග හරි අධ්‍යාපනයක් නැති කෙනෙක් කියලා. හැබැයි කවදාවත් මිනිහෙක් පිට පෙනුමෙන් මනින්න බෑ.

පහුගිය ජනවාරි 09 දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිබ්බ වැඩමුළුවකට මාලිංග අාවා. එ් ප්‍රධාන කථ්කයා විදියට. “සාර්ථකත්වයේ සෙවණැල්ල” කියලා තමයි මේ වැඩමුළුව නම් කරලා තිබ්බේ.

අැත්තටම මාලිංග කියන්නේ මේ වැඩමුළුවට ගැලපෙන කථිකයා ලසිත් මාලිංග. පුංචි තැනකින් පටන් අරන් අද ලෝකයේ දක්ෂ ක්‍රීඩකයින් අතරට එන්න මාලිට පුළුවන් වුණා. මේ වැඩමුළුවේදී මාලිංග පලපුරුදු කථිකයෙක් විදියට දේශනය පැවැත්වුවා. වැඩමුළුවට අැවිත් හිටිය ළමයිනුත් මීයට පිම්බා වගේ කිසිම හැල හොල්මනක් නැතුව මාලිංගගේ දේශනය අහගෙන හිටියා.

මේ තියෙන්නේ එහි ඡායාරූප.

 


News Articles
Latest Videos
Most Popular Post