News Line| Off Air
Generic placeholder image

Jan
14

“ඒ සහෝදරකම් වෙනස්‌වෙන්න කිසිම හේතුවක්‌ නැහැ. මොකද මගේ හිතට කවදාවත් මම වංචාවක්‌ කරලත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. මගේ බිරිඳට මම වංචාවක්‌ කරන්නෙත් නැහැ.” – විවාහයෙන් පස්සේ කාවිංග මාධ්‍යට කරපු මුල්ම හෙළිදරව්ව.

1082 Views


“ඒ සහෝදරකම් වෙනස්‌වෙන්න කිසිම හේතුවක්‌ නැහැ. මොකද මගේ හිතට කවදාවත් මම වංචාවක්‌ කරලත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. මගේ බිරිඳට මම වංචාවක්‌ කරන්නෙත් නැහැ.” – විවාහයෙන් පස්සේ කාවිංග මාධ්‍යට කරපු මුල්ම හෙළිදරව්ව.

සද්ද බද්ද නොදාම කාවිංග පෙරේරා ගිය සඳුදා විවාහ වුනා. කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේදී තමයි කාවිංග එයාගේ විවාහ උත්සවය ගත්තේ. ඉතින් කාවිංග අලුතෙන් පටන්ගත්ත ජීවිතය ගැන වගේම ඔහුගේ බිරිඳ ගැනත් අද සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙහෙම.

  • කාවිංග වැඩි සද්ද බද්දයක්‌ නැතිවම කසාද බැන්දා නේද?

සද්ද බද්ද නෙමෙයි. ලොකුවට අඬබෙර ගහන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. ප්‍රධානම හේතුව වුණේ එයාගේ තාත්තත් වෛද්‍යවරියක්‌. එයත් වෛද්‍යවරියක්‌. එයාගේ තාත්තා ගිය අවුරුද්දේ අගෝස්‌තු මාසයේ නැතිවුණා. ඉතිං ඒ හින්දා අපි දෙන්න මුලින්ම හිතුවා විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ කියලා. විවාහ ගිවිසගැනීමක්‌ විතරක්‌ සිදුකරනවා කියලා. අවසානයේ තාත්තාගේ හීනයත් සැබෑ කරන්න ඕනෑ හින්දා පොඩිවට වෙඩින් එකක්‌ ගන්නවා කියලා. ඒක ඒ විදිහට හෙමින් හෙෙමින් සැලසුම් කළා.

  • පසුගිය දවස්‌වල කාවිංග පෙම්වතෙක්‌ කියලා දැනගත්තා. හැබැයි ඒ පෙම්වතිය කවුද කියලා කිව්වේ නැහැනේ. දැන්වත් කියමුනේද?

දැන් ඉතිං එයා මගේ බිරිඳ. වෘත්තියෙන් වෛද්‍යවරියක්‌. මේක විවාහ යෝජනාවකින් සිද්ධවුණ දෙයක්‌.

  • කවුද ඒ විවාහ යෝජනාව ගෙන ආවේ ?

වසන්ත දුක්‌ගන්නාරාළ. ඉතිං දුකා අයියාට ගොඩක්‌ ස්‌තූතියි මට හොඳ කෙනෙක්‌ හොයලා දුන්නාට.

  • මේ කපුකම කළේ දුකා අයියා. එහෙමද?

ඔව්. මගේ කපුකම කළේ දුකා අයියා. ඒ හින්දා තමයි මගේ ජීවිතයේ ගොඩක්‌ දේවල් වෙනස්‌ වුණේ. හැමෝම හිතුවේ පිස්‌සු නට නටා හිටිපු හින්දා වගකීම් ගන්න බැරි මනුස්‌සයෙක්‌ කියලා. කොහොමත් මම වගකීම් අරගෙන වැඩකරපු විදිහ මගේ තාත්තා අම්මා නංගි දුටුවා. මගේ බිරිඳගේ තාත්තත් ඒක දැක්‌කා. දුකා අයියාට පින්සිද්ධවෙන්න හොඳ බිරිඳක්‌ ලැබුණා.

  • බිරිඳගෙ විස්‌තර ටිකක්‌ කියමු නේද?

නම සනායා පෙරේරා. දැනට කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍යවරියක්‌ විදිහට සේවය කරනවා. එයාට මල්ලි කෙනෙක්‌ ඉන්නවා. එයා ව්‍යාපාර කටයුතු කරනවා. අම්මයි තාත්තා දෙන්නම වෛද්‍යවරු. තාත්තා ජීවතුන් අතර නැහැ.

  • යෝජනාවෙන් පසුව ආදරය කරන්න පටන් අරගෙන කොච්චර කාලයක්‌ වෙනවාද?

විවාහ යෝජනාව කළේ මීට අවුරුදු දෙකකට විතර කලින්. එතකොට අපි හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. හැබැයි හම්බවෙන්න අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. මොකද එතකොට එයා දඹුල්ල රෝහලේ සේවයේ කළේ. දුරකථනයෙන් විතරයි කතා කළේ. ඊට පස්‌සේ අම්මත් එක්‌ක කතා කරලා විස්‌තර කිව්වා. මොකද එතකොට මගේ අම්මත් හොඳටම අසනීපයෙන් හිටියේ. අවුරුදු දෙකක්‌ අපි ආශ්‍රය කළා. ඊට පස්‌සේ අපි අවුරුද්දක්‌ ආදරය කළා. අන්තිමේ විවාහ වෙන්න තීරණය කළා.

  • ඇය වෛද්‍යවරියක්‌ නිසා නළුවෙක්‌ට කැමැතිවුණාද?

එහෙම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. මොකද කපුකම කරපු කෙනා ඊට අදාල දේ කරලා තිබ්බා. මම නළුවෙක්‌ වුණාට එතැනින් එළියට ආවට පස්‌සේ සාමාන්‍ය මනුස්‌සයෙක්‌. මගේ බිරිඳගේ තාත්තා මට කැමැතිවෙන්න ප්‍රධානම හේතුව වුණෙත් මගේ තිබෙන සරලකමට. අනික මේ ආදර කතාව බොරු ආදර කතාවක්‌ නෙමෙයි.

  • කාවිංගට වෛද්‍ය බිරිඳගෙන් ඉදිරියේදී රඟපෑමට සීමාවන් වැටේවිද?

එහෙම වෙන්නේ නැහැ. මම කරන රංගනය ඇතුළේ මට සීමාවක්‌ තියෙනවා. ඊට එහාට මම වැඩකරන්නේ නැහැ. මම ඒ තියාගත්තු දේ ඉදිරියට නඩත්තු කරනවා. මම දන්නවා ඇය මගේ වෘත්තියට කවදාවත් බාධාවක්‌ කරන්නේ නැහැ කියලා. මගේ අප්පච්චියි අම්මයි වගේම ඇයත් මට ලොකු සහයෝගයක්‌ ලබාදෙනවා. හැමෝම කසාද බැන්දාම මගේ බිරිඳ මේ වගේ මෙහෙමයි කරන්නේ කියලා කියනවා. නමුත් මම හිතන්නේ ඒක කියනවාට වඩා කරලා පෙන්වන එක තමයි හොඳම දේ. මොකද කියනවාට වඩා කරලා පෙන්වනඑක ලේසියි. ඒක තමයි හොඳම දේ.

  • ඉදිරියේදී පෙම්වතාගේ චරිතයෙන් ඈත්වෙන්න වෙයිද?

එහෙම එකක්‌ නැහැ. මොකද මම හැමදාම පෙම්වතාගේම චරිතය කරපු කෙනෙක්‌ නෙමෙයි. විවිධ චරිත කරලා තියෙනවා. අනික මම කවදාවත් පෙම්වතාට කොටුවෙලා නැහැ. මට ඒක කියලා දුන්නේ මගේ ගුරුවරුන් දෙදෙනා. එච්. ඒ. පෙරේරා සර් සහ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මම හිතන්නෙ ඒ ගුරුහරුකම් එක්‌ක මම කවදාවත් එක රාමුවකට කොටුවුණේ නැහැ. ඒ හින්දා මට ඒක ප්‍රශ්නයක්‌ නැහැ.

  • ඇය ඔබ රඟපාන නාට්‍ය නරඹනවාද?

ඔව්. එයාට වෙලාවක්‌ තිබුණොත් අනිවාර්යයෙන්ම නරඹනවා. මොකද එයා වෛද්‍යවරියක්‌. එයාට තියෙන කාලය හරිම අඩුයි. සමහර වෙලාවට එයා අන්තර්ජාලයෙන් ඒවා නරඹනවා. මොකක්‌ හරි අඩුවක්‌ තිබුණොත් එයා මට ඒක පෙන්වාදෙනවා. මම කියන්නේ නැහැ එයාට මගේ නාට්‍ය බලන්න කියලා. එයා මගේ නාට්‍ය නරඹනවා ඇති කියලා අනිවාර්යයෙන්ම හිතනවා.

  • විවාහයෙන් පසුව පදිංචියේ එහෙම වෙනසක්‌ ඇතිවෙනවාද?

විවාහයෙන් පසුව අපි කොහොමත් කොළඹ තමයි පදිංචි වෙන්නේ. එයාත් පත්වීමක්‌ අරගෙන කොළඹට ඒවි.

  • විවාහයත් එක්‌ක නිළියන්ව සහෝදරයන් විදිහට ආශ්‍රය කරන්නත් තහනම් වැටෙයි නේද?

නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. මම ක්‍ෂේත්‍රයේ හැමෝමත් එක්‌කම සුහදව වැඩකරනවා. ඒක මගේ ආදරණීය බිරිඳ දන්නවා. ඒ සහෝදරකම් වෙනස්‌වෙන්න කිසිම හේතුවක්‌ නැහැ. මොකද මගේ හිතට කවදාවත් මම වංචාවක්‌ කරලත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. මගේ බිරිඳට මම වංචාවක්‌ කරන්නෙත් නැහැ.

 

උපුටාගැනීම: ඉරිදා මීවිත


News Articles
Latest Videos
Most Popular Post