News Line| Off Air
Generic placeholder image

Jan
14

“හතුරුසිංහ ඉන්න නිසා දැන් අපට ටිකක් අමාරුයි.”- සිම්බාබ්වේ පුහුණුකරු හතුරුගේ ගුණ කියයි.

1195 Views


“හතුරුසිංහ ඉන්න නිසා දැන් අපට ටිකක් අමාරුයි.”- සිම්බාබ්වේ පුහුණුකරු හතුරුගේ ගුණ කියයි.

චන්දික හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමෙන් පස්සේ මුහුණදෙන පළමු සටනට අපේ සිංහයන් එක්ක මේ වෙද්දී බංගලාදේශයට ගිහින් ඉන්නේ. හතුරුසිංහ එක්ක එකට වැඩකරපු කෙනෙක් තමයි සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක‍්‍රීඩක හීත් ස්ට්‍රික්. ඉතින් හීත්ගෙන් හතුරුට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා.

බංගලාදේශ කණ්ඩායම අතහැර ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සදහා තෝරාගැනීම චන්දික හතුරුසිංහ ගත් නිවැරදි තීරණයක් කියල තමයි තමයි සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක‍්‍රීඩක හීත් ස්ට්‍රික් කියන්නේ.

හතුරුසිංහ බංලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු විදිහට වැඩ භාර අරන් මාසයක් වගේ කාලයක් ඇතුළත, ස්ට්‍රික් එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්වෙනවා. එත් ඒ අතරේ ඔහුගේ ගිවිසුම අවසන් වීම නිසා 2016 වර්ෂයේ මැයි මාසයේ එම ධූරයෙන් ස්ට්‍රික් ඉවත්වෙනවා.

‘චන්දික කියන්නේ ශ‍්‍රී ලාංකිකයෙක්…තමන්ගේ රටට පුහුණුකරන්න තියනවා කියන්නේ ලොකු දෙයක්..මට විශ්වාසයෙන්ම කියන්න පුලුවන් බංගාලදේශයේ පුහුණුකරුත් අනෙක් පුහුණුකරුවනුත් තමන්ගෙ රට වෙනුවෙන් එම අවස්ථාව ලැබුනොත් මම හිතන්නේ නෑ ඒ ඉල්ලීම අහක දමයි කියලා.
හීත් ස්ට්‍රික් මේ විදිහට කිව්වේ ඩකාහි මීර්පූර්හි ක‍්‍රීඩාංගණයේ ඊයේ තිබුන මාධය හමුවකදී.

‘හතුරුසිංහ බංගලාදේශය වෙනුවෙන් විශාල සේවයක් කලා…ඔහු යටතේ කණ්ඩායම ලබපු සාර්ථකත්වය මිනිස්සුන් අමතක නොකළ යුතුයි.’ කියලත් වැඩිදුරටත් ස්ට්‍රික් කිව්වා.

හතුරුසිංහ මේ වෙද්දී පිටත්වෙලා ඉන්න, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සංචාරයේ තුන්කොන් තරගාවලියෙන් පස්සේ බංගලාදේශ කණ්ඩායම එක්ක ටෙසට් තරඟ 02කට හා විස්සයි විස්ස තරග 02කට සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post