News Line| Off Air
Generic placeholder image

Jan
14

දිවා රාත්‍රී වුණාට හෙට Match එක පටන් ගන්නේ 2.30ට නෙවෙයි. මෙන්න හරිම වෙලාව – EXCLUSIVE

5390 Views


දිවා රාත්‍රී වුණාට හෙට Match එක පටන් ගන්නේ 2.30ට නෙවෙයි. මෙන්න හරිම වෙලාව – EXCLUSIVE

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ වැඩ අල්ලන පළවෙනි තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. එ් බංගලාදේශය, සිම්බාබ්වේ සහ ලංකාව අතර තුන්කොන් තරඟාවලිය. මේ තරඟාවලිය පවත්වන්න නියමිතව තිබ්බේ දිවා රාත්‍රී තරඟ විදියට. හැබැයි තරඟ පවත්වන මීර්පූර්වල තියෙන අයහපත් අාලෝකය නිසා තරඟ කලින් පටන් ගන්න තීරණය කරලා තියෙනවා.

බංගලාදේශයේ වෙලාවෙන් 2.30 පටන් ගන්න තිබ්බ තරඟ 12.00 ට අාරම්භ කරනවා. එ් කියන්නේ ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට.

හෙට අාරම්භ වෙන තරඟාවලියේ පළවෙනි තරඟය බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තමයි පැවැත්වෙන්නේ. ලංකාව සහභාගීවෙන පළවෙනි තරඟය අනිද්දා පැවැත්වෙනවා. මේ තරඟාවලිය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සියත TV ඔස්සේ සජීවීව නරඹන්න පුළුවන්. ඒ වගේම තරඟයේ සුවිශේෂී අවස්ථා FM 98.2 න් හෝ FM 98.4 න් සියත FM ඔස්සේ අහන්නත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post