අවුරුදු ගණනක් එක ප්‍රතිවාදියෙක් එක්ක විතරයි ලංකාව සටන් කරේ. හැබැයි මේ අවුරුද්දේ සිංහයෝ ගොදුරු දෙකකට කුරුමාණම් අල්ලනවා. එ් බංගලාදේශය සහ සිම්බාබ්වේ සමඟ තියෙන තුන්කොන් සටනින්.
තරඟාවලිය අාරම්භකරමින් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ වදිනවා. ඊට කලින් අපි හිතුවා ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසය ගැන හොයන්න. ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසයේ කැපී පේන තරඟාවලි 4 ක් තියෙනවා.
2001 දී ඉන්දියාව සහ නවසීලන්තය එක්ක තුන්කොන් සටනකට ලංකාව සහභාගී වෙනවා. තරඟාවලිය පැවැත්වෙන්නේ ලංකාවේ. එ් තරඟාවලියේ ලංකාව මෙහෙයවන සනත් ජයසූරිය තුන්කොන් සටන ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. තරඟාවලියේ වීරයා වෙන්නෙත් සනත්. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා සනත් ජයසූරිය. දිල්හාර ප්‍රනාන්දු තමයි තරඟාවලියේ වැඩිම කඩුලු දවා ගන්නේ.
ඊට පස්සේ 2009 දී නැවතත් ඉන්දියාව සහ නවසීලන්තය අතර තුන්කොන් සටනක් පවත්වනවා. තරඟාවලිය පැවැත්වුනේ ඉන්දියාවේ. තරඟාවලිය පුරාම අපරාජිතව ඉන්න ලංකාවට පුළුවන් වෙනවා. එ්ත් අවසන් මහා සටනේ ජය හිමිවුනේ ඉන්දියාවට.
2010 දී නැවතත් එ් කණඩායම් 3 ම ලංකාවේ සටන් වදිනවා. එ් තුන්කොන් සටනින් ජය ගන්නේ ලංකාව. තරඟාවලියේ වීරයා වුනේ විරේන්ද්‍ර ශෙවාග්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මීට කලින් බංගලාදේශය සහ සිම්බාබවේ කණ්ඩායම් එක්ක තුන්කොන් සටනකට සහභාගී වෙලා නෑ. හැබැයි ගිය අවුරුද්දේ නම් බංගලාදේය එක්ක සහ සිම්බාබ්වේ එක්ක තිබ්බ තරඟාවලි ලංකාවට එච්චර පහසු වුණේ නෑ.
කොහොම වුනත් මේ අවුරුද්දේ ලංකාව අලුත් අාරම්භයක් අරගෙන තියෙන්නේ. එ් නිසා මේ සටනින් ව්‍යාග්‍රයන්ව සහ උකුස්සන්ව ගොදුරු කර ගන්න ලංකාවට පුළුවන් වේවි.