ගිය අවුරුද්දේ ඉන්දියාවේ වැඩියෙන්ම කතා බහට ලක්වුන චිත්‍රපටිය තමයි “පද්මාවතී”. මුස්ලිම් තරුණයෙක් සහ හින්දු තරූණියක් අතර ඉතිහාස කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.
එ් නිසා ඉන්දියාවේ අන්තාවාදී පිරිස් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවට විරුද්ධ වුණා. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ දීපිකා පදුකෝන්. දීපිකාගේ හිස ගෙනත් දෙන කෙනෙකුට ඉන්දීය රුපියල් කෝටි ගණනක් දෙනවා කියලත් අන්තවාදීන් කිව්වා.
කොහොම වුනත් මේ චිත්‍රපටිය තාම ඉන්දියාවේ පෙන්න ගන්න බැරිවුණා. හැබැයි එ් චිත්‍රපටියේ විශේෂ දර්ශණයක් ලංකාවේ පෙන්නන්න කියලා අගමැතිතුමා කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලයට මේ ගැන දැනුම් දීලා තියෙනවා.
ඉන්දියාවේ චිත්‍රපටි ලංකාවේ බෙදා හරින කලාපි නාගදා මහතා කිව්වේ රැඟුම් පාලක මණ්ඩලය එ් බව තමන්ට දැනුම් දුන්නා කියලයි. කලාපි නාගදා මහතා පද්මාවතී අධ්‍යක්ෂණය කරපු සංජේ ලීලා බන්සාලිගෙන් ලංකාවේ පද්මාවතී පෙන්නන්න කියලා ඉල්ලීමක් කරලා.
කොහොම වුනත් තාම චිත්‍රපටිය පෙන්නන දවසක් නම් තීරණය කරලා නෑ. හැබැයි ඉන්දියාවට අහිමි වුන පද්මාවතී ලංකාවට ලැබෙනවා.